මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නගර ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘති වාර්තාව ප්‍රවාහන ඇමතිට

    අගෝස්තු 27, 2014
    ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) එක්ව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රමුඛ අමාත්‍යාංශ හා ආයතන කිහිපයක් එක් ව 2012 වර්ෂයේ ආරම්භ කරන ලද කොළඹ නගරය හා තදාසන්න පෙදෙස්වල ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීමේ අධ්‍යයන ව්‍යපෘති වාර්තාව පසුගියදා ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා වෙත ජපන් නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය මනාබු සකායි මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශයේදී භාරදෙනු ලැබීය.


    දිනෙන් දින වැඩි වන වාහන තදබදය පෙරටුකරගත් නාගරික ප්‍රවාහන ගැටලු විසඳීමේ අරමුණෙන් රාජ්‍ය ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුව වන "මහින්ද චින්තන ඉදිරි දැක්මට" අනුගතව කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කර වඩා කාර්යක්ෂම හා සුවපහසු ප්‍රවාහන සැලැස්මක් සකස් කිරීමේ අරමුණෙන් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ජයිකා (JICA) ආයතනය හා සම්බන්ධ වෙමින් මෙම ව්‍යාපෘතිය එළිදක්වනු ලැබ තිබේ.

     

    රජය දිගුකාලීන සංවර්ධන ප්‍රතිපත්ති රාමුව තුළ කොළඹ හා තදාසන්න ප්‍රදේශ ඇතුළු අනෙකුත් නාගරිකයන් සම්බන්ධ කරගනිමින් නාගරික මගී හා භාණ්ඩ ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය උදෙසා ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ පවතින වර්තමාන තත්ත්වය සිදු කෙරෙමින් පවතින සංවර්ධන කාර්යයන් මෙන්ම අනාගත සැලසුම් සමාලෝචනය කරමින් පුළුල් අවධානයකින් පසුව මෙම ක්‍ෂේත්‍රයට අදාළ විස්තීරණ දත්ත හා තොරතුරු විග්‍රහයක් ද සමඟින් නාගරික ප්‍රවාහනය නංවාලීම උදෙසා කෙටිකාලීනව, මධ්‍යකාලීන, දිගුකාලීනව ක්‍රියාත්මක කළ හැකි ව්‍යපෘති මෙමඟින් හඳුන්වා දී ඇත.

     

    මෙම ව්‍යාපෘතිය වාර්තාව  භාරදුන් අවස්ථාවේ ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කර සිටියේ දැනට කොළඹ නගරයේ ගැටලුවක් බවට පත්වී ඇති මාර්ග තදබදය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් ඉක්මනින්ම මඟහැරෙනු ඇති බවයි.

     

    මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ජයිකා ආයතනයේ නිලධාරීහුද සහභාගි වූහ.

     

    NDH 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya