මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඵලදායිතා තරගයේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතුරින් මුල්තැන මහනුවරට

    අගෝස්තු 27, 2014

    ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් 2012/2013 වර්ෂ පදනම් කරගෙන පැවැත් වූ ජාතික ඵලදායිතා තරගාවලියේ අන්තර් දෙපාර්තමේන්තු අංශය යටතේ තරග කළ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එම කාණ්ඩයෙන් සමස්ත ලංකා මට්ටමින් දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව දිවයිනේ සෙසු  දිස්ත්‍රික් ලේකම් කාර්යාල අබිබවමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  මුල්තැනට පත්ව තිබේ. 


    ජාතික ඵලදායිතා තරගාවලි‍ය සඳහා පසුගිය වසරේදී ද මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තරග කළ අතර එහිදී ඔවුන්ට හිමි වූයේ අන්තර් දෙපාර්තමේන්තු අංශය යටතේ සී සාමාර්ථයකි. නමුත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතුරින් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට එහිදී මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමත් විය.

     

    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල අංශය නියෝජනය කරමින් තරගාවලිය සඳහා ඉදිරිපත් වූ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 19න් 18ක්ම ඇගැයීමට ලක්ව තිබේ. එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර තරගයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක්ම දෙවැනි ස්ථානය සඳහා අවශ්‍ය පරිසාධන මට්ටමට පත්ව දෙවන ස්ථාන දිනා ගෙන තිබීම විශේෂත්වයකි. දොළුව, පාතදුම්බර, පන්විල, මැදදුම්බර, උඩදුම්බර, පාතහේවාහැට හා පූජාපිටිය යන ප්‍රාදේශීය‍ ලේකම් කාර්යාල ඊට අයත්ය. තෙවැනි ස්ථානය දිනාගැනීමට අවශ්‍ය පරිසාධන මට්ටමට පැමිණීමට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පහක් සමත් වී ඇති අතර  මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පහකට තෙවන ස්ථාන 5ක් හිමි කර ගැනීමට හැකියාව ලැබී ඇත. තුම්පනේ, ගඟවටකෝරළේ, දෙල්තොට, ගඟඉහළ හා යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල එලෙස තෙවන ස්ථානයට හිමිකම් කියා ඇති කාර්යාලයි. මීට අමතරව අකුරණ, කුණ්ඩසාල, මිනිපේ හා උඩපළාත යන ප්‍රාදේශීය‍ ලේකම් කාර්යාලවලට ද විශේෂ කුසලතා සම්මාන හිමිව ඇති අතර පස්බාගේ කෝරළේ හා උඩුනුවර කාර්යාල සඳහා ද කුසලතා සහතික හිමිව තිබේ. 

     

    පසුගිය තරගයකදී  හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රථම ස්ථානයට පත් වූ බැවින් මෙම තරගය සඳහා ඉදිරිපත් නො වූ අතර හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත් නොවීය. එබැවින් මෙවර  තරගයට ඉදිරිපත් වූ මහනුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ලම සම්මාන දිනා සිටීම විශේෂත්වයකි.

     

    මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාගේ මගපෙන්වීම යටතේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මෙම ජයග්‍රහණ හිමි ව තිබේ. 

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya