මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ගේ ක්‍රීඩා කුසලතාව නැංවීමට පෙරපාසල් ගුරුවරුන්ට වැඩසටහනක්

    අගෝස්තු 26, 2014

    පෙරපාසල් දූ දරුවන්ගේ ක්‍රීඩාශිලීභාවය සහ නිරෝගිමත් කායික වර්ධනය නංවාලීම සඳහා පෙරපාසල් ගුරු භවතුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (26) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.


    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ළමා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

     

    මෙම වැඩසටහන සඳහා පෙරපාසල් ගුරුවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ. නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රීඩා අංශය මඟින් වැඩසටහන සඳහා අවශ්‍ය උපදේශකත්වය සැපයීය.

     

    අධ්‍යපනය මෙන්ම ක්‍රීඩාව ද කුඩා දරුවන්ට අත්‍යාවශ්‍ය වූවකි. ස්වකීය පෙරපාසල තුළ කුඩා දරුවන්ට සෙල්ලම් කළ හැකි ඉඩකඩක් තිබීම අත්‍යාවශ්‍ය වේ. එමෙන් ම ප්‍රයෝගික ක්‍රියාකාරකම්, බාහිර වැඩසටහන් පිළිබඳව ද මෙහිදී දැනුවත් කිරීම සිදු විය. මෙම වැඩසටහන අදියර කිහිපයක් යටතේ පැවැත්වීමට නියමිතය.

     

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya