මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ප්‍රජා සත්කාරක සේවයක්

    අගෝස්තු 26, 2014
    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රජා සත්කාර සේවා වඩාත් පුළුල් කරමින් පසුගියදා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දැඩි නියඟයට හසුව ඇති ප්‍රදේශ වෙත පානීය ජල පහසුකම් ලබා දීමට වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. 
     
    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කෙරුණු මෙම පානීය ජල පිරවුම් භාජන එකතු කිරීමේ වැඩසටහන සති 2ක් පුරාවට නුවරඑළිය සහ සෙසු නගර ආශ්‍රිතව ක්‍රියාත්මක විය. පොලොන්නරුවට විවිධ ප්‍රදේශවලින් පානීය ජලය ලැබුණ ද එම ජලය රැස්කර ගැනීමට අවශ්‍ය ජල භාජන නොමැති වීම මහත් ගැටලුවක් බවට පත්ව තිබේ. එම අවශ්‍යතාව සලකා  ලීටර් 05 ප්‍රමාණයේ ජල බෝතල් 300ක් ප්‍රමාණයක්, ලීටර් 20 ප්‍රමාණයේ ජල භාජන 500ක් හා රුපියල් 1000ක් වටිනා වියළි සලාක කට්ටල 25ක් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා වෙත ලබාදීම සිදු විය.
     
    මෙම ප්‍රජා වැඩසටහන සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම් කුමාරසිරි මහතා ප්‍රමුඛ නිලධාරීන් 15කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූහ. මෙහිදී අදහස් දැක්වූ කුමාරසිරි මහතා මෙම ප්‍රජා සත්කාරය සඳහා නුවරඑළිය, රාගල, කඳපොළ, හැටන් සහ තලවකැලේ ප්‍රදේශයන්හි රාජ්‍ය ආයතන, වෙළෙඳ ප්‍රජාව, හෝටල් හිමිකරුවන්,  ප්‍රදේශවාසීන්ගෙන් ලද සහයෝගය ඉමහත් අගය කොට සලකන බවත් ඔවුන්ට ස්තූතිවන්ත වන බවත් ප්‍රකාශ කර සිටියේය.
     
     
    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya