මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද ජනතාවට ජලය ලබා දීමට ජල බවුසර් හා ජල ටැංකි

    අගෝස්තු 26, 2014
    පොලොන්නරුවේ වැලිකන්ද හා ලංකාපුර ප‍්‍රාදේශීය සභා සඳහාත් අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් ප‍්‍රාදේශීය සභාව සඳහාත් ජල බවුසර් හා ජල ටැංකි ප‍්‍රදානය කිරීමක් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (25) අනුරාධපුරයේදී සිදු කෙරිණි. 
     
    ඇළුමිනියම්වලින් සැකසූ මෙම එක බවුසරයක වටිනාකම රුපියල් ලක්‍ෂ 20ක් පමණ වේ. පානීය ජල හිඟයෙන් පෙළෙන ගම්මානවල තැනින් තැන තැබීම සඳහා උසස් වර්ගයේ ජල ටැංකි ද මෙම ප‍්‍රාදේශීය සභා සඳහා ප‍්‍රදානය කළ අතර බවුසර්වලින් එම ජල ටැංකිවලට යොදන ජලය ජනතාවට ලබා ගත හැකි වේ.

     

    මෙහිදී අදහස් දැක්වූ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා, ජනාධිපතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මධ්‍යම රජය හා උතුරු මැද පළාත් සභාව ඒකාබද්ධව නියඟයෙන් පීඩා විඳින ජනතාවට පානීය ජල පහසුකම් සලසා දීමේ දැවන්ත වැඩපිළිවෙළක් අරඹා තිබේ. එහි එක් වැඩ පිළිවෙළක් වන්නේ බවුසර් මඟින් පානීය ජලය ලබා දීමයි. ඒ සඳහා උතුරු මැද පළාත් සභා බල ප‍්‍රදේශයේ පළාත් පාලන ආයතන සඳහා ජල බවුසර් බෙදා දෙමින් සිටී. ගම්මානයන්හි ජලය රඳවා තැබීම සඳහා උසස් වර්ගයේ ජල ටැංකි ද ලබා දෙමින් සිටින බව ඔහු කීය.

     

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ද මෙහිදී අදහස් පළ කළේය. 

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya