මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ගොවි සතියට සමගාමීව ගොවීන් වෙනුවෙන් සම්මන්ත‍්‍රණ මාලාවක්

    අගෝස්තු 26, 2014
    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදේශකත්වය යටතේ ගොවි සතිය සහ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයට සමගාමීව සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. 


    මාතර දිස්ත‍්‍රික්කයේ සියලුම ග‍්‍රාම සේවා වසම් සහ ගොවිජන සේවා බල ප‍්‍රදේශ ආවරණය වන පරිදි පැවැත්වූ ගොවි හමුවලදී ගොවීන්ගෙන් ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගෙන මෙම සම්මන්ත‍්‍රණ මාලාව සංවිධානය කර තිබේ.

     

    මාතර දිස්ත‍්‍රික්කයේ ඒ ඒ ප‍්‍රදේශවලට ආවේණික වගාවන් පිළිබඳව ගොවීන්ව දැනුවත් කිරීම මෙම සම්මන්ත‍්‍රණ මාලාවේ අරමුණයි. මී මැසි පාලනය, පාංශු සංරක්ෂණය, විද්‍යාත්මක කෘෂිකර්මාන්තයේ වැදගත්කම, පලතුරු වගාව, පසු අස්වනු තාක්ෂණය, පලිබෝධ පාලනය, කොරටු වගාව, කාබනික පොහොර භාවිතය යනාදී විවිධ ක්ෂේත‍්‍රයන් පිළිබඳ මෙහිදී දැනුවත් කරනු ඇත. ගොවීන්ට දැනුම ලබාදෙන්නේ එම ක්ෂේත‍්‍රයේ හසල දැනුමක් සහිත ප‍්‍රවීණයන් විසිනි.

     

    දෙනියාය, දෙවිනුවර, වැලිගම, අකුරැස්ස, හක්මණ සහ මාතර යන ප‍්‍රදේශවල ගොවීන් ඉලක්ක කරගෙන මෙම සම්මන්ත‍්‍රණ මාලාව පැවැත්වීමට නියමිතය.

     

    මෙම සම්මන්ත‍්‍රණ මාලාවේ ප‍්‍රථම අදියර දෙනියාය ප‍්‍රදේශයේ ගොවීන් වෙනුවෙන් හෙට (27) පිටබැද්දර ලක්මිණි උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතය. 

     

    මෙහි ඉදිරි සම්මන්ත‍්‍රණ අනිද්දා (28) දික්වැල්ල සමූපකාර ශාලාවේදීත්, ලබන 29 දින දෙනිපිටිය මහා විද්‍යාලයේ හා අකුරැස්ස ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත් පැවැත්වේ.

     

    ලබන (30) දින පැවැත්වෙන සම්මන්ත්‍රණ හක්මණ පුරාණ විහාරස්ථානයේ දී සහ මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

     

    ”රන් අස්වනු පූදින - නිල්වලා අරුණෝදය” මැයෙන් මෙවර පැවැත්වෙන ජාතික ගොවි සතිය සහ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයට සමගාමීව මෙම සම්මන්ත‍්‍රණ මාලාවට සහභාගී වී කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම වර්ධනය කරගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ට ආරාධනා කර සිටී. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya