මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුරයේ කිසිදු වැවක් පස් පුරවා ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ

    අගෝස්තු 26, 2014

    අනුරාධපුරයේ කිසිදු වැවක් පස් පුරවා ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් අනාගත පරපුර උදෙසා වැව් සුරක්‍ෂිත කිරීම ජනාධිපතිතුමාගේ අරමුණ බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අවධාරණය කරයි.


    අනුරාධපුර කුඩා පාලඩිකුලම වැව තුළ මහා පරිමාණයෙන් පස් පුරවා වාණිජ පරමාර්ථයෙන් සිදුකරමින් සිටින සියලු ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස චන්ද්‍රසේන මහතා අනුරාධපුර ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරයාට නියෝග කළේය.
     

    කුඩා පාලම්කුලම වැව නීතිවිරෝධි ලෙස පස් පුරවා මහා පරිමාණ වාණිජ මට්ටමේ ව්‍යාපාර ඇරඹීමට ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින් කටයුතු කිරීමට එරෙහිව කුඩා පාලම්කුලම ශක්ති ගොවි සංවිධානය හා ප‍්‍රදේශවාසීන් එක් වී පසුගිය දා උද්ඝෝෂණය කරමින් විරෝධතා දක්වන ලද අතර ඊයේ (24) ගොවි සංවිධානය විසින් වැව් බැම්ම මත සත්‍යග‍්‍රහයක් අරඹන ලදි. ඒ බව සැල වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා එම ස්ථානයට පැමිණ ගොවි සංවිධාන නිලධාරීන් සමග සාකච්ඡා පවත්වා අනුරාධපුර ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් ගාමිණි සේනාරත්න මහතා ගෙන්වා ව්‍යාපාරිකයන් වැව ගොඩකර සිදු කරන සියලු ඉදිකිරීම් වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඉවත් කරන ලෙසට නියෝග කළේය. ඒ පිළිබඳව වාර්තාවක් ද අමාත්‍යවරයා වෙත ලබා දෙන ලෙස ද පැවසීය.
     

    පාලම්කුලම වැව් තාවුල්ලේ හා වැව ආශ‍්‍රිතව පදිංචි වී සිටින සාමාන්‍ය වැසියන් පිළිබඳව ද වෙන ම වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසත් ඔවුන් සඳහා ප‍්‍රදේශයෙන් විකල්ප ඉඩම් ලබා දීමේ හැකියාවන් පිළිබඳ සොයා බලන බව ද අමාත්‍යවරයා කීය.


    අමාත්‍යවරයාගේ තීරණය පිළිබඳව ප‍්‍රසාදය පළ කළ ගොවි සංවිධාන නියෝජිතයන් එම මොහොතේම සත්‍යග‍්‍රහය අවසන් කළහ.

     

    PAALADIKULAMA WEWA a

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya