මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සංවර්ධනය පිළිබඳ සැබෑ යථාර්ථය ජනමාධ්‍යකරුවාට ලබාදීම සත්කාරයක් - අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න

    අගෝස්තු 25, 2014

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙබඳු වැඩමුළු පැවැත්වීමෙන් ඉටුකරන්නේ සත්කාරයක් බවත් රටේ සංවර්ධනය පිළිබඳ සැබෑ යථාර්ථය රටට කියාපෑමට සුදුසු පරිසරයක් මෙමඟින් ජනමාධ්‍යකරුවාට ලබාදෙන  බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.


    රත්නපුර, ලෙල්ලෝපිටියේ සිල්ව රේ හෝටලයේ දි අද (25) පැවති දිස්ත‍්‍රික් සංවර්ධනයේ දී ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය සම්මන්ත‍්‍රණය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


    මෙම සම්මන්ත්‍රණය ඇමතූ අමාත්‍ය සෙනෙවිරත්න මහතා: “මේ වැඩමුළුව මට හරිම වැදගත්. මොකද මේ මාධ්‍යකරුවන්ට රත්නපුර දිස්ත්‍රික් සංවර්ධනය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට මෙයින් ඉඩකඩ ලැබෙන නිසා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙබඳු වැඩමුළු පැවැත්වීමෙන් ඉටුකරන්නේ සත්කාරයක්. එනම් සැබෑ යථාර්ථය රටට කියාපෑමට සුදුසු පරිසරයක් ජනමාධ්‍යකරුවාට මෙවන් සම්මන්ත්‍රණවලින් ලබාදෙනවා.


    එදා තිබුණු රත්නපුර දිස්ත්‍රික්කය නෙමෙයි අද තියෙන්නේ. අද උසස් පෙළ ප්‍රතිඵල දිහා බැලුවොත් ජාතික මට්ටමෙන් උසස් පෙළ සමත් ප්‍රතිශතය 58.56% වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ එය 61.4%ක්. පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලයත් එසේමයි. ජාතික මට්ටමෙන් සමත්වීමේ ප්‍රතිශතය 10.12%ක් වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ එය 12.32%ක්. මෙයයි සැබෑ සංවර්ධනය යැයි පැවසීය.


    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප‍්‍රිය රාමනායක, විශේෂ මාධ්‍ය ඒකකයේ උපදේශක අධ්‍යක්ෂ හරින්ද්‍රනාත් චන්ද්‍රසිරි යන මහත්වරු ද පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇමතූහ. මෙම අවස්ථාවට රත්නපුර දිස්ත‍්‍රික් මාධ්‍යවේදීන් 150කට අධික පිරිසක් සහභාගි වූහ.

     

    KO_RU

    ratnapura media conferance c

     

    ratnapura media conferance d

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya