මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින්තලේට සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයක්

    අගෝස්තු 26, 2014
    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය මඟින් සංස්කෘතික සහජීවනය සහ නිර්මාණකරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් උතුරු මැද පළාතේ,  "උතුරු - දකුණු මිතුරු සෙවණ" සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය මිහින්තලේ ඉදිකෙරෙමින් පවතී.
     
    මිහින්තලේ ප්‍රාදේශීය සභාව විසින් පරිත්‍යාග කරන ලද භූමියක මෙම මධ්‍යස්ථානය ඉදිවන අතර, 
     
    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් යුතුව සිංහල හා දෙමළ ජාතීන් අතර සංස්කෘතික සහජීවනය සහ නිර්මාණකරණය වර්ධනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.
     
    මෙම ව්‍යාපෘතිය මඟින් මහජනතාවට වෙනත් භාෂාවක් ඉගෙනීමට අවස්ථාවක් නිර්මාණය කිරීම, සංස්කෘතික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සිංහල හා දෙමළ තරුණ කොටස් අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය, තරුණයන් අතර සාමය සහ සහජීවනය සඳහා අවශ්‍ය පදනම නිර්මාණය කිරීම, ධනාත්මක ආකල්ප සහිත තරුණ කොටස් බිහිකිරීම යන සුවිශේෂී අරමුණු ඉටුකරගැනීමට බලාපොරොත්තු වේ.
     
    සංස්කෘතික සංහිඳියාව සහ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතියට අමතරව, සිංහල පොත් 3ක් දෙමළ බසට ද, දෙමළ පොත් 3ක් සිංහල බසට ද පරිවර්තනය කර, උතුරු හා නැගෙනහිර පළාත්වල තෝරාගත් පුස්තකාල 15කට බෙදාහැරීමට ද සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය කටයුතු සිදුකරමින් සිටී. 
     
    මෙය භාෂාමය සහ සංස්කෘතික සබඳකම් පිළිබඳව වඩා පුළුල් දැනුමක් ඇතිකිරීම, ප්‍රධාන දෙමළ සාහිත්‍යය කෘති සිංහල බසට ද, සිංහල කෘති දෙමළ බසට ද පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කිරීම සහ පාසැල් ශිෂ්‍යයන් සහ තරුණයන් අතර එවැනි ප්‍රකාශ පතළ කිරීම යන උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ 9.274/275 යටතේ ක්‍රියාත්මක වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya