මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත‍්‍රික් සංවර්ධනයේ දී ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය - රත්නපුර සම්මන්ත්‍රණය ඇරඹෙයි

    අගෝස්තු 25, 2014

    දිස්ත‍්‍රික් සංවර්ධනයේ දී ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය යන තේමාව යටතේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දීප ව්‍යාප්තව දිස්ති‍්‍රක් මට්ටමින් පවත්වනු ලබන මාධ්‍යවේදී සම්මන්ත‍්‍රණ මාලාවේ රත්නපුර දිස්ති‍්‍රක් සම්මන්ත‍්‍රණය අද (25) පෙරවරුවේ රත්නපුර, ලෙල්ලෝපිටිය, ‘සිල්ව රේ’ හෝටල් සම්මන්ත‍්‍රණ ශාලාවේදී රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ජේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

     

    රත්නපුර දිස්ත‍්‍රික්කය තුළ කි‍්‍රයාත්මක සහ කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂිත රජයේ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව විධිමත් අවබෝධයක් දිස්ත‍්‍රික් මාධ්‍යවේදීන්ට ලබාදීම අරමුණු කොට පැවැත්වෙන සම්මන්ත්‍රණයට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප්‍රිය රාමනායක මහත්වරුන් සහභාගී වන අතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීහු රැසක් මෙම සම්මන්ත‍්‍රණයට එක් ව සිටිති.


    සම්මන්ත්‍රණය ආරම්භ වූ අවස්ථාවේ දී ම මාධ්‍යවේදී ගලහිටියේ කුලරත්න  මහතා විසින් රචිත කෘතීන් තුනක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ජේ. සෙනෙවිරත්න සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආරියරත්න ඇතුගල මහත්වරුන් වෙත පිළිගන්වන ලදී.

     

    - HC/pixs: LA Rohana

     

    ratnapura media conferance 1

     

    ratnapura media conferance 2

     

    ratnapura media conferance 3

     

    ratnapura media conferance 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya