මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානය සැප්තැම්බර් 05දා ජනතා අයිතියට

    අගෝස්තු 25, 2014
    කොළඹ පැරණි ශාන්ත ජෝන් මාළු තොග වෙළෙඳ සංකීර්ණය මෙරට ප්‍රථම මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය ලෙස නවීන පහසුකම් සහිතව නවීකරණය කොට සැප්තැම්බර් 05දා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.
     
    නාගරික සංවර්ධන අධිකාරියෙහි මූල්‍ය ප්‍රතිපාදන මඟින් නවීකරණය කරන ලද මෙම වෙළෙඳ මධ්‍යස්ථානය කඩ කාමර 83කින් සමන්විත වන අතර බැංකු හා ආපන ශාලා ඇතුළු නවීන පහසුකම් රැසකින් මෙන්ම රථගාල් පහසුකම්වලින් ද සමන්විත වේ. මැණික් හා ස්වර්ණාභරණ මිල දී ගැනීමට පැමිණෙන පාරිභෝගික ජනතාවට එහි ප්‍රමිතිය හා අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මධ්‍යස්ථානයක් ද මෙහි ස්ථාපනය කෙරේ. 
     
    මහල් 05කින් සමන්විත මෙම ගොඩනැගිල්ල පළමු අදියර යටතේ පළමු හා දෙවන මහල් මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය ලෙස නවීකරණය කරන ලද අතර මෙහි ප්‍රතිසංස්කරණ හා නවීකරණ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා ගෘහ නිර්මාණ ශ්‍රී ලංකා යුද හමුදාවේ වෘත්තීය දායකත්වයෙන් සිදු කරන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya