මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අච්චුවේලි කාර්මික ජනපදය 27දා විවෘත කෙරේ

    අගෝස්තු 25, 2014
    ඉන්දියානු රජයේ ආධාරයෙන් හා ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මඟින් ප්‍රතිසංස්කරණය කරන ලද අච්චුවේලි කාර්මික ජනපදය ලබන 27දා විවෘත කරන බව සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, නියෝජ්‍ය අමාත්‍ය වීර කුමාර දිසානායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සිංහා යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya