මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාතෙන් රටේ ජාතික නිෂ්පාදනයට ඇති දායකත්වය 5%කටත් වඩා අඩුයි

    අගෝස්තු 25, 2014
    උතුරු මැද පළාතෙන් ඉකුත් වසරේ රටේ ජාතික නිෂ්පාදනයට දක්වා ඇති දායකත්වය 5%කටත් වඩා අඩු අගයක් බවත්  එම තත්ත්වය වෙනස් කිරීමට පියවර ගත යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකාර ඩී.ජේ. විජයකුමාර මහතා පැවසීය.
     
    ඔහු මේ බව පැවසුවේ මූල්‍ය සාක්ෂරතාව හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම තුළින් දළ ජාතික නිෂ්පාදනයේ දිස්ත්‍රික් නියෝජනය වැඩිකිරීමේ අරමුණින් ජාතික සංවර්ධන බැංකුව (NDB) මඟින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ ව්‍යවසායකයන් දැනුවත් කිරීම සඳහා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩමුළුවක් අමතමිනි.
     
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයකුමාර මහතා, ශ්‍රී ලංකාවේ ලිවීමට හා කියවීමට ඇති හැකියාව ගතහොත් එහි සාක්ෂරතාව 78.45%කි. ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව මේ වන විට 31%ක පමණ අගයක් ගනී. ඒ අනුව අප දන්නවා රුපියල් සියයක් කෙනෙකුට ලැබුණොත් වියදම් කරන්නේ කෙසේද යන්න. එසේ ම උතුරු මැද පළාතේ පසුගිය අවුරුද්දේ ජාතික නිෂ්පාදනයේ දායකත්වය ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව 4.8%ක් තරම් ඉතා පහළ අගයක් ගනී. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැඩි ම දායකත්වයක් ලබාදෙන්නේ බස්නාහිර පළාතෙනි. 
     
    රටේ ජනගහනයෙන් 2/3ක් ඉන්න බස්නාහිර පළාතෙන් වැඩි ම දායකත්වයක් රටේ ආර්ථිකයට ලබා දෙයි. මෙයයි සත්‍යය. ශ්‍රී ලංකා මහ බැංකුවේත් ජාතික සංවර්ධන බැංකුවේත් අරමුණ වන්නේ මේ තත්ත්වය වෙනස් කිරීමයි. මේ තත්ත්වය ඉහළ අගයක් දක්වා වර්ධනය කිරීම සඳහා NDB බැංකුව මේ උත්සාහය දරන බව ද ඔහු කීය.
     
    මෙහිදී ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රාදේශීය කළමනාකාර සුරේෂ් වීරසිංහ මහතා පැවසුවේ, තම බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අංශය මඟින් ග්‍රාමීය මට්ටමේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් නගාසිටුවීමට අවශ්‍ය  මූල්‍ය පහසුකම් හා තාක්ෂණික සහය වගේ ම මගපෙන්වීමත් ලබාදීමට කැපවී සිටින බවයි.
     
    මේ අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන ක්ෂුද්‍ර ණය නිලධාරිනී ශාලිකා කළුආරච්චි, සහ NDB බැංකුවේ කදුරුවෙල ශාඛා කළමනාකාර සීවලී ඉලංගසිංහ යන මහත්ම මහත්මීහු එක් ව සිටියහ.
     
    NDH/Wk-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya