මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "හේමාස්" සමූහ ව්‍යාපාරයෙන් පොලොන්නරුවට ජල ටැංකි

    අගෝස්තු 25, 2014
    පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති නියඟය හේතුවෙන් පීඩාවට පත් ව ඇති ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුමක් වශයෙන් ක්‍රියාවට නංවා ඇති සෑම ගමක ම තෝරා ගත් ස්ථාන කිහිපයක ලීටර් 1000 ජල ටැංකි ස්ථාපිත කිරීමේ වැඩසටහන සඳහා ජල ටැංකි 100ක පරිත්‍යාගයක් ලබාදීමට "හේමාස්" සමූහ ව්‍යාපාරය කටයුතු යොදා ඇත.
     
    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ අදහසකට අනුව මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
     
    ඒ අනුව හේමාස් සමූහ ව්‍යාපාරයේ තිරසාර හා සාමූහික අංශ ප්‍රධානී ශිරෝමි මාසකෝරාල මහත්මිය ඇතුළු ආයතනික නිලධාරීන් විසින් අදාළ ජල ටැංකි 100 පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාර දෙන ලදී.
     
    මේ අවස්ථාවට පොලොන්නරුව ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් පබාශීලී ජයලත්, ප්‍රධාන පරිපාලන නිලධාරී තිස්ස දයාරත්න යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ. 
     
    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya