මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චෞරයන් ආරක්ෂා කිරීම නොකළ යුතුයි

    අගෝස්තු 25, 2014
    කුමන දේශපාලන පක්ෂයක සළුපිළි පැලඳුවත් චෞරයා චෞරයාම බවත් ප‍්‍රකාශිතව හෝ අප‍්‍රකාශිතව චෞරයන් ආරක්ෂා කිරීම ද නොකළ යුතු බවත් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප‍්‍රකාශ කළේය.
     
    "අපි පුරුදුවෙලා තිබෙන්නේ සෑම දෙයක් පිළිබඳව ම නිෂේධනාත්මකව බලන්නයි. මාධ්‍යයත්, දේශපාලනඥයනුත් එහෙමයි. අපේ රටේ මාධ්‍ය භාවිතය තුළ ගිනි තැබීම ප‍්‍රවෘත්තියක් වුණාට, ගිනි නිවීම ප‍්‍රවෘත්තියක් වන්නේ නැතැයිද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය. 
     
    නැවත ප‍්‍රතිසංවිධානය කරන ලද මාතර සමූපකාර ආරෝග්‍ය ශාලාව විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. 
     
    "සමූපකාර ව්‍යාපාරය දේව කාරියක් සේ සලකා ගොඩනගන්න කටයුතු කළ යුතුයි. සමූපකාර සංගම් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කටයුතු නොකළ යුතුයි. සමූපකාර සංගමයේ සම්පත් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යෙදවීමත් නොකළ යුතුයි. නිල්පාට, රතුපාට, කොළ පාට හෝ කුමන දේශපාලන පක්ෂයක සළුපිළි පැලඳුවත් චෞරයන් ආරක්ෂා කිරීමද නොකළ  යුතුයි. ප‍්‍රකාශිතව හෝ අප‍්‍රකාශිතව චෞරයන් ආරක්ෂා කරන්න අපි කටයුතු කරන්නේ නැහැ". 
     
    මාතර සමූපකාර ආරෝග්‍ය ශාලාව පෙර තිබූ තත්ත්වයෙන් නිවැරදි වීමේ පණිවිඩයත්, සමාජගත කිරීමේ වගකීම ඉටුකරන ලෙස මාධ්‍යයෙන් ඉල්ලා සිටින්නේ යැයි ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
     
    මාතර මහා නගරාධිපති සොසීන්ද්‍ර හදුන්ගේ, සමූපකාර රෝහලේ නව සභාපති වෛද්‍ය නිරෝෂන් හදුන්ගේ, උප සභාපති වෛද්‍ය චන්දන අබේසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya