මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස ප්‍රතිපත්තියෙන් දිනකට රුපියල් 250ක දෛනික ආදායම් පවුල් සඳහා වැඩි අවධානයක්

    අගෝස්තු 25, 2014
    දිනකට රුපියල් 250ක දෛනික ආදායමක් ලබන 40%ක අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජාතික නිවාස ප්‍රතිපත්තිය තුළින් වැඩි අවධානයක් යොමු කර තිබෙන බවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික නිවාස ප්‍රතිපත්තිය සහ  ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත එකවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 
     
    ඉදිකිරීම් ශිල්පීන්ට ගුණාත්මක පුහුණුව ලබාදීමේ වැඩසටහන යටතේ උතුරු නැගෙනහිර පළාත්වල ඉදිකිරීම් ශිල්පීන් 5000කට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ  වෘත්තීය පුහුණුව හා NVQ සහතිකපත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජාතික නිවාස ප්‍රතිපත්තිය පිළිබඳ ව විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයේ (O.P.A) නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් පසුගිය දින පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
     
    "2000 වසර වන විට කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණයන් රැසකම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබුවේ රජය විසින් පිහිටුවා තිබුණු පොදු පහසුකම් මණ්ඩලය මඟින්. නමුත් 2001 හා 2002 පාලන කාලයේදී පොදු පහසුකම් මණ්ඩලය අහෝසි කරලා ඒ වෙනුවට සිංගප්පූරු පනතකට අනුව නිර්මාණය කෙරුණු සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය පිහිටවනු ලැබුවා". 
     
    "නිවාස ප්‍රතිපත්තිය සකස් කිරීමේදී නාගරික, ග්‍රාමීය, ග්‍රාමීය දිළිඳු, මධ්‍යම පාන්තික, පහළ මධ්‍යම පාන්තික යනාදී සෑම ආර්ථික මට්ටමක්ම නියෝජනය කරනු ලබන රටවැසියන්ගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව අපේ අවධානය යොමු කරනු ලැබුවා.  ජාතික නිවාස ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ග්‍රාමීය නිවාසකරණය පිළිබඳව අපි විශේෂ අවධානය යොමුකරලා තියෙනවා". 
     
    ජාතික නිවාස ප්‍රතිපත්තියක් සකස් කිරීම තුළින් විධිමත් නිවාසකරණයක් සඳහා රාජ්‍ය මැදිහත්වීම ලබාදීම අපේ අපේක්ෂාව බවත් පැවසු අමාත්‍යවරයා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවර්ධනය හා විධිමත්භාවය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත ද ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් පැවසීය.
     
    පසුගිය දශක ගණනාවක් තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැංවූ නිවාස හා ජනාවාසකරණයේ අත්දැකීම් එක්රැස්කොට “මහින්ද චින්තන ඉදිරි දැක්ම  ” අනුව වර්තමානයේදී ක්‍රියාවට නැංවෙන “ජන සෙවණ ”  ජාතික නිවාස වැඩසටහන වඩාත් විධිමත්ව ක්‍රියාත්මක කිරීමටත් අනාගතයේදී  මෙරට ක්‍රියාත්මක කෙරෙන ජාතික නිවාස වැඩසටහන් නිශ්චිත පොදු ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් ජාතික නිවාස  ප්‍රතිපත්තිය සකස් කර ඇත.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya