මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මිලියන 1429ක වියදමින් නව සංවර්ධන වැඩ කටයුතු

    අගෝස්තු 25, 2014
    නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් මහජනතාවට ගුණාත්මක හා පිරිපුන් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 1429ක වියදමින් නව සංවර්ධන වැඩකටයුතු රැසක් ආරම්භ කිරීම සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    ඒ අනුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට වකුගඩු රෝගය හා පිළිකා රෝගය හේතුවෙන් ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන් දිනෙන් දින ඉහළයාම හේතු කොටගෙන පිළිකා රෝගී ප‍්‍රතිකාර සඳහා අධිශක්ති විකිරණ චිකිත්සක උපකරණ ස්ථාපනය සඳහා රුපියල් මිලියන 572ක වියදමින් ඉදිකිරීමට යෝජිත විකිරණ ආරක්ෂක බංකර සහිත ගොඩනැගිල්ල සහ වකුගඩු රෝගී ප‍්‍රතිකාර සඳහා අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිණිස රුපියල් මිලියන 850ක වියදමින් ඉදිකිරීමට යෝජිත රක්ත කාන්දුපෙරණ වකුගඩු හා රුධිරවාහිනී බද්ධ කිරීමේ පර්යේෂණාගාරය ස්ථාපනය සඳහා මුල්ගල් තැබිණි. රුපියල් ලක්ෂ 07ක මුදලක් වැයකර කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිසංස්කරණය කරන ලද නව පරිපාලන ගොඩනැගිල්ල හා පෞද්ගලික ධන පරිත්‍යාගයකින් ලේ බැංකු ගොඩනැගිල්ලේ සවිකරන ලද නව සුර්ය තාප විදුලි පද්ධතිය ද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා  අතින් එදින විවෘත කෙරිණ. 
     
    මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්ීරිපාල සිරිසේන මහතා විසින් මෙසේ අදහස් පළ කරන ලදී.  "මේ තරම් විශාල මුදලක් සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් රජය වැය කරන්නේ ප‍්‍රතිකාර අංශ ශක්තිමත් කිරීම සඳහායි. අපේ සෞඛ්‍ය සේවාවේ තිබෙන බරපතළ දුර්වලකමක් තමයි මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවට ප‍්‍රමුඛත්වයක් තිබුණත් රෝග නිවාරණය, පාලනය හා ප‍්‍රතිකාර සේවා පිළිබඳව රටේ සෑම අංශයකම මේ සඳහා තිබෙන කැපවීම අඩුවීම. ජනතාව දැනුවත් කරමින්, රෝග වළක්වාගැනීම සඳහා ජනතාවට අවශ්‍ය මඟපෙන්වීමේ දී ක්ෂේත‍්‍රයේ රාජකාරි කටයුතුවල තිබෙන්නේ ලොකු දුර්වලතාවකි. මගේ අත්දැකීම් අනුව මම විශ්වාස කරන්නේ ප‍්‍රතිකාර සේවාවන් සඳහා මේ වගේ විශාල මුදලක් වෙන් කළ යුතු යන්නයි.
     
    අපේ රටේ ඇතැම් අංශවල තිබෙන අඩුපාඩු අතර අපේ රටේ ජනතාව දැනුවත් කරන පෝෂණවේදීන් සිටින්නේ ඉතාමත් අවම ප‍්‍රමාණයකි. රාජ්‍ය හා පෞද්ගලික අංශ ගත්තාම 25ක්, 30ක් පමණ පුරප්පාඩු තිබෙනවා. පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවලා දැන් අවුරුදු ගාණක් සටන් කරනවා. ඒ පුරප්පාඩු පුරවා ගන්න. ලෝකයේ අනෙක් රටවල් ගත් විට කොරියාවේ පෝෂණවේදීන් 3600ක් පමණ සිටිති. මේක අපේ රටේ තිබෙන ප‍්‍රධාන අඩුපාඩුවකි.
     
    අද මට ඇමැතිවරයා විදිහට ලොකු කනගාටුවකුත් තියෙනවා. අපේ අමාත්‍යාංශයේ ජනරාල්ලා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ලා වැඩි ගාණක් සිටිනවා. ඇමැතිවරයා තැනකට යනකොට ඒ ජනරාල් කෙනෙක් කෙසේ වෙතත් සෝල්ජර් කෙනෙක්වත් අමාත්‍යාංශයෙන් එනවා. හැබැයි මෙඩිකල් සර්විස් සෝල්ජර් කෙනෙක්වත් අද නැහැ. මම ආවේ මේ විශේෂඥ වෛද්‍යවරුන් සමඟයි. කරාපිටිය රෝහල කියන්නේ රටේ ප‍්‍රධාන රෝහලක්. මේ වගේ විශාල මුදලක් ආණ්ඩුවෙන් වියදම් කරලා මේ මහා සේවාව ආරම්භ කරන දවසේ පොඩ්ඩක් තනිවෙලා වගේ මට දැනුණා. වෛද්‍යවරුන් පුහුණුව ලබලා ලංකාවට ආපුවාම ඒ පුහුණුවීම් ලත් වෛද්‍යවරුන්ට අවශ්‍ය අදාළ උපකරණ අපි ලබා දෙන්න ඕනෑ. නැත්නම් ඒ දැනුමෙන් ප‍්‍රයෝජනයක් නැහැ. විශේෂඥ දැනුමෙන් ප‍්‍රයෝජනයක් ගන්න බැරිවෙනවා. නමුත් රජය වාර්ෂිකව නිදහස් සෞඛ්‍ය සේවාවට වැය කරන මුදලත් එක්ක ගත්තාම මෙවැනි කාරණාවලදී විවිධ ගැටලුවලට ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ ආයතනවලට අවශ්‍ය උපකරණ උපරිම ලෙස ලබාදීම සඳහා අපි උපරිම උත්සාහ දරනවා . මේ අවුරුද්දේ වෛද්‍ය උපකරණවලට පමණක් තාක්ෂණික උපකරණවලට රුපියල් බිලියන 3.8ක් පමණ වෙන් කරලා තියෙනවා" යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය. 
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය කතානායක චන්දිම විරක්කොඩි, ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොමේෂ් පතිරණ, අතිරේක ලේකම් (සංවර්ධන) කේ.ඒ.එස්. කීරගල, ප‍්‍රධාන ගණකාධිකාරි ඩී.ඒ.ඩබ්. වනිගසේකර, කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා යන මහත්වරු  ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya