මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ පැරණි මහල් නිවාස ව්‍යාපෘති 7ක් පූර්ණ ප්‍රතිසංස්කරණයට

    අගෝස්තු 25, 2014
    රුපියල් මිලියන 93ක වියදමින් කොළඹ තවත් පැරණි මහල් නිවාස ව්‍යාපෘති 7ක් මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින ආරම්භ කෙරිණ.
     
    මොරටුව ලුනාව ඉදෙල්වත්ත නිවාස සංකීර්ණය, මොරටුව මෝදර ජයගත්පුර නිවාස සංකීර්ණය, මොරටුව එගොඩ උයන ගුඩ්විල් වත්ත නිවාස සංකීර්ණය, දෙමටගොඩ කැටවලමුල්ල නිවාස සංකීර්ණය, දෙමටගොඩ මල්ලිකාරාම නිවාස සංකීර්ණය, දෙමටගොඩ ඩැනිස්ටර් ද සිල්වා නිවාස සංකීර්ණය නිවාස සංකීර්ණය, කොම්පඤ්ඤ වීදිය සර් ජේම්ස් පීරිස් නිවාස සංකීර්ණය මේ යටතේ පුර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කෙරෙන අතර මෙම මහල් නිවාසවල ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා එම මහල් නිවාස සංකීර්ණ සියල්ල 
    නිරීක්ෂණය කිරීම සඳහා සහභාගි විය.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක "ජනසෙවණ" නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමඟාමීව ක්‍රියාවට නැංවෙන "නගමු පුරවර" මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සංකීර්ණවල ප්‍රතිංස්කරණ කටයුතු සිදුකරනු ලබයි.
     
    එම ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය හා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසින් සිදුකිරීමට නියමිතව ඇත.
     
    වහළ අලුත්වැඩියා කිරීම, වඩිම්බු යොදා වැහි පීලි හා වැසි ජලනල පද්ධතිය සැකසීම, ජල ටැංකි අලුත්වැඩියාව, අපජල බස්නා මාර්ග අලුත්වැඩියා කිරීම, ජල බස්නා කාණු පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, මළනාලිකා පද්ධති විධිමත්ව  සැකසීම, ගොඩනැගිලි වර්ණ ආලේප කිරීම, අබලන්වු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම, මහල් නිවාස සංකීර්ණයන් සඳහා ප්‍රවේශ වන මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රජා ශාලා නොමැති නිවාස ක්‍රම සඳහා අලුතින් ප්‍රජා ශාලාවන් ඉදිකිරීම හා පවතින ප්‍රජා ශාලා විධිමත්ව නවීකරණය කිරීම, නිවාස ක්‍රමවල පවතින පොදු පුජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, ළමා උද්‍යාන නොමැති නිවාස ක්‍රමවල අලුතින් ළමා අද්‍යානයන් ඉදිකිරීම සහ පවතින ළමා උද්‍යානයන් ප්‍රතිසංස්කරණය කිරීම, මහල් නිවාස සංකීර්ණයන්හි පොදු භූමි ප්‍රදේශ අලංකරණය කිරීම ආදි සියලු ප්‍රතිසංස්කරණ කටයුතු මෙම මහල් නිවාස සංකීර්ණ 
    7හි සිදු කිරීමට නියමිතය.
     
    මෙම නිරීක්ෂණ අවස්ථාවන්ට කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නිවාස හා සංවර්ධන) කේ. ඒ. තිලකරත්න, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කැෂියන් හේරත්, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ, එහි සාමාන්‍යාධිකාරි උපාලි උපවංශ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ මහත්වරු ඇතුළු නිලධාරිහු සහ නිවාසවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya