මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටත් ජාතියත් ප‍්‍රභාකරන්ට පාවා දුන් එ.ජා.ප.යට බලය ලබා දෙන්න ජනතාවත් සූදානම් නෑ

    අගෝස්තු 24, 2014
    රටත් ජාතියත් ප‍්‍රභාකරන්ට පාවා දුන් එ.ජා.ප.යට බලය ලබා දෙන්න තරම් ඌවේ ජනතාවත් රටේ ජනතාවත් සූදානම් නැතැයි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.


    අමාත්‍යවරයා එම අදහස් පළකර සිටියේ ඌව පළාත් මැතිවරණයේදී එ.ජා.නි. සංවිධානයේ ජය තහවුරු කිරීම සඳහා මොනරාගල “පොකුණුගල” ගම්මානයේ පැවති ජනහමුවක් අමතමිනි.

     

    එහිදි ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේද කීය. මැතිවරණ විසි නවයකදීම අන්ත පරාජයට පත් වූ එ.ජා.ප.ය ඌව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා. දැන් එ.ජා.ප.ය මළ කඳක්. ප‍්‍රාණ වායුව නැහැ. එ.ජා.ප මළ කඳට ජීවන හුස්ම පිඹීමට ඌවේ ජනතාව සූදානම් නෑ. එ.ජා.ප.ය දැන් කියනවා ඌව ජය අරගෙන ජනාධිපතිවරණයෙන් ජය ගන්නවා කියලා. විසිනව වතාවම කීවේ ඔය කථාවම තමා. රටත් ජාතියත් ප‍්‍රභාකරන්ට පාවා දුන් එ.ජා.ප.යට බලය ලබා දෙන්න තරම් ඌවේ ජනතාවත් රටේ ජනතාවත් සූදානම් නැතැයි ඔහු කීය.

     

    එ.ජා.පයේ දේශපාලඥයන්ට වඩා රටේ ජනතාව බුද්ධිමත්. යුද්ධය අවසන් කළ ජනාධිපතිතුමා රටේ අස්සක් මුල්ලක් නෑර සංවර්ධනය කරමින් සිටිනවා. රටේ ආර්ථිකය උසස් මට්ටමකට පත්වෙලා. ජනතාවගේ අතමිට සරුවෙලා. දරු මුනුපුරන්ට හෙටක් ඇති රටක් නිර්මාණය කරලා තිබියදී එ.ජා.පයට බලය ලබා දෙන්නේ කුමන වරප‍්‍රසාදයක් ලබා ගැනීමටදැයි ජනතාව ප‍්‍රශ්න කරන බවද ප‍්‍රධාන අමාත්‍යවරයා කීය.

     

    රනිල් වික‍්‍රමසිංහ මහතාත් ජනාධිපතිතුමාත් අහසට පොළොව වගේ වෙනස්. ජනාධිපතිතුමා යන යන තැන ජනතාව රොක් වෙලා පිළිගන්නවා. රනිල් වික‍්‍රමසිංහ මහතා වටා සිටින එ.ජා.ප. මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් පමණක් නොව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් ද ඔහු අතහැර යමින් ජනාධිපතිතුමා සමඟ එක්වී රට ගොඩනගන්න කටයුතු කරනවා. එවැනි යුගයක එ.ජා.ප.ය ඌව ජයගැනීම දවල් දකින හීනයක් සේ ම ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සමඟ තරග කිරීමට එ.ජා.ප.යෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීම ද මේ වන විට සිහිනයක් වී ඇතැයි ද ඔහු කීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya