මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව සහ වියට්නාමය ඓතිහාසික වෙළෙඳ ගිවිසුමක

    අගෝස්තු 22, 2014

    ශ‍්‍රී ලංකා - වියට්නාම ප‍්‍රථම වෙළෙඳ යාන්ත‍්‍රණය ඊයේ (21) සිට ක‍්‍රියාත්මක කිරීමට දෙරටේ බලධාරීන් කටයුතු කළහ.


    ශ‍්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප‍්‍රමුඛ නියෝජිත පිරිසක් ඊයේ හැනෝයි නුවර කර්මාන්ත හා වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ දී ශ‍්‍රී ලංකා - වියට්නාම් වෙළෙඳ යාන්ත‍්‍රණය බලාගැනීමේ අවස්ථාවට සහභාගී වූහ.

     

    වියට්නාම් රජයේ නියෝජිතයන් මෙම ඓතිහාසික වෙළෙඳ ගිවිසුම හඳුන්වන්නේ ඉතාමත් කාලෝචිත ප‍්‍රායෝගික වෙළෙඳ සහයෝගීතාවක් වශයෙනි.

     

    ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳ සබඳතා ගොඩනඟා ගැනීමේ දී වියට්නාමය සමඟ මෙවැනි ද්විපාර්ශ්වික සබඳතාවක් ගොඩනඟා ගැනීමට ලැබීම අප රටට ලැබුණු මහඟු අවස්ථාවක් වශයෙන් මෙය හැඳින්විය හැකි බව පෙන්වාදුන් කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙමඟින් දෙරටේ වෙළෙඳාමට විවිධ ක්ෂේත‍්‍ර තුළ නව මංපෙත් විවර වන බව ද පෙන්වා දුන්නේය.

     

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya