මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ආර්යාව අනුරපුර පෙරපාසල් උත්සව රැසකට එක් වෙයි

    අගෝස්තු 24, 2014

    උතුරු මැද පළාතේ සෑම පෙරපාසල් භූමියක්ම ගෙවත්තක් බවට පත්කිරීමේ හා පළාත් මුල් ළමා විය සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීම පසුගියදා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණියගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී සිදු කෙරිණි.


    අනුරාධපුර නුවරගම් පළාතේ මහ බුලංකුලම නීග්‍රෝධ පෙරපාසලේ හා නාච්චාදූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙළුබෑව පෙරමඟ පෙරපාසල් ගෙවතුවල පැළ රෝපණය කිරීම ද ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය හා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කළහ. 


    මෙහිදී පෙරපාසල් දරුවන් හා දෙමාපියන් සමඟ සුහද සාකච්ඡාවක නියැළුණු රාජපක්‍ෂ ආර්යාව ප‍්‍රධාන මැති ඇමතිවරුන්ගේ ගැටලු පිළිබඳව ද සාකච්ඡා කළාය.

    උතුරු මැද පළාතේ පෙරපාසල් දරුවන් සඳහා අවශ්‍ය ඩෙස් පුටු හා උපකරණ ලබා දීමට රුපියල් ලක්‍ෂ 75ක මුදලක් ලබා දෙන බවත් පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා තීරු බදුවලින් තොර යතුරුපැදි ලබා දීමට කටයුතු කරන බවත් මෙහිදි අවධාරණය කෙරිණ.

     

    මෙම උත්සවයේදි දීර්ඝ කාලයක්  පෙරපාසල් ගුරුවරියන් ලෙස සේවය කරමින් සිටින පෙරපාසල් පාළිකාවන්ගේ සේවය ඇගයීමේ උපහාර තිළිණ ද ප‍්‍රදානය කරන ලද්දේ ජනපති ආර්යාව විසිනි.

     

    මෙහිදී ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය වෙත සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.

     

    පළාත් ශ‍්‍රවණාගාරයේ පැවති පෙරපාසල් උත්සවයෙන් පසු රාජපක්‍ෂක ආර්යාව, ප‍්‍රධාන මැති ඇමතිවරුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටු ඒකකය හා වකුගඩු රෝග ඒකකයේ නිරික්‍ෂණ චාරිකාවක් ද සිදු කළ අතර එහිදි රෝගීන් සමඟ සුහඳ පිළිසඳරක ද යෙදීමට ද කටයුතු කළහ.

     

    අනුරාධපුර මහජන ක‍්‍රීඩාංගණයේ පැවති ළමා සැණකෙළියට ද රාජපක්‍ෂ ආර්යාව සහභාගී වූවාය.

     

    මෙම අවස්ථාවන්ට වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක මහතා ද සහභාගි විය.  

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya