මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු ආශ්‍රිතව දිවි ගෙවන දූදරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

    අගෝස්තු 22, 2014
    වතු ආශ්‍රිතව දිවි ගෙවන දූදරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (21) නුවරඑළිය මාගස්තොට ආරෝග්‍ය ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. 


    ′අපේ සමනලුන්ගේ තටු සවිමත් කරමු′ මැයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන ජාතික මට්ටමින් ජුලි සහ අගෝස්තු මාස තුළ දිවයින පුරා ක්‍රියාත්මකය. පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් මේ සඳහා අනුග්‍රහය සපයන අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා 50කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.


    මෙහි ප්‍රධාන දේශනය නුවරඑළිය මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ වෛද්‍ය අරවින්දන් මහතා විසින් පවත්වන ලදී. එහි දී විශේෂයෙන් ම නව යොවුන් දරුවන්ගේ ජංගම දූරකතන භාවිතය, සමාජ වෙබ් අඩවි භාවිතය සහ එහි ආරක්ෂණ ක්‍රම පිළිබඳව වැඩිදුර සාකච්ඡාවට ලක් විය. නව යොවුන් වයසේ දරුවන් සිටින දෙමව්පියන් සිය දරුවන් පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවටත් ඔවුන්ට දක්වන ආදරය සෙනෙහස හා සාමුහික එකඟතාව වඩාත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බවටත් මෙහි දී අදහස් පළ විය. 

    මේ අවස්ථාව සඳහා තරුණ තරුණියන්ට අමතරව ගැබිණි මව්වරු සහ පෙරපාසල් ගුරුවරියෝ ද සහභාගී වී සිටියහ.

    NDH/SH-dmu nuwaraeliya 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya