මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු රජයෙන් ශ‍්‍රී ලංකාවට මිලියන 4100ක්

    අගෝස්තු 22, 2014

    කොරියානු රජය, ශ‍්‍රී ලංකාව සමඟ රුපියල් මිලියන 4100ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 31.4) වටිනාකමින් යුත් ණය ගිවිසුමකට එළැඹේ. 


    ඔරුගොඩවත්ත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සහ ගම්පහ කාර්මික විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණයි. ව්‍යාපෘතිය වසර 03ක් ඇතුළත නිමකිරීමට නියමිතය. ගිවිසුමට අත්සන් තැබීම යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් අද (22) සිදුවිය.

     

    යෝජිත ව්‍යාපෘතිය යටතේ ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට අයත් භූමියේ ඔරුගොඩවත්ත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට නියමිතය. එම මධ්‍යස්ථානය විශිෂ්ටයන් බිහිකිරීමේ මධ්‍යස්ථානයක් (Centre for Excellence) ලෙස පිහිටුවීමට යෝජිතය. ඒ තුළින් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවට (NVQF)  ඇතුළත් වන සහතිකපත‍්‍ර හා ඩිප්ලෝමා පාඨමාලා පැවැත්වීමට යෝජිත අතර සිසුන්ගේ මෘදු නිපුණතා (Soft Skills) දියුණු කිරීම සඳහා ඉංග‍්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය විෂය හැදෑරීමට හැකි විද්‍යාගාර පහසුකම්, පන්ති කාමර, ශිෂ්‍ය නේවාසිකාගාර, ගුරු නේවාසිකාගාර හා වැඩහල් අලුතින් ඉදිවන අතර නවීන යන්ත‍්‍රසූත‍්‍ර හා පුහුණු උපකරණ ලබාදීම, පාඨමාලා උගන්වන අධ්‍යයන කාර්යමණ්ඩලය පුහුණු කිරීම, විෂය සම්මත, විෂය නිර්දේශ හා ගුරු අත්පොත් සකස් කිරීම වැනි කාර්යයන් සිදු කිරීමට ද අපේක්ෂා කෙරේ.

     

    එයට සමගාමීව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් ගම්පහ කාර්මික විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීමට ද නියමිතය. ඒ අනුව එම විද්‍යාලයේ දැනට ඇති වැඩහල් නවීකරණය, නව ගුරු නේවාසිකාගාර මෙන්ම පරිපාලන ගොඩනැගිල්ලක් අලුතින් ඉදිකිරීමද ඇතුළත් වේ. මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වීමත් සමඟ පහත සඳහන් පාඨමාලා අලුතින් ආරම්භ කිරීමට නියමිත අතර ඒ තුළින් වර්ෂයකට නවක සිසුන් 560 දෙනෙකුට වෘත්තීය පුහුණුව ලැබීමට අවස්ථාව උදාවන බැවින් කර්මාන්තයට අවශ්‍ය නිපුණ ශිල්පීන් බිහිකිරීමට හැකි වේ. 


    කොරියානු තාක්ෂණ අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ අංශ ප‍්‍රධානී මහාචාර්ය ජියොන් කියුං සියොක් (Prof. Jeong Kyung Seok ) සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.



    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya