මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළෙඳ හිඟය පහතට

    අගෝස්තු 22, 2014
    අපනයන ආදායම ඉහළ යාම සහ ආර්ථිකය අභ්‍යන්තර මට්ටමින් සවිමත්වීම යන කරුණු හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය පහත වැටී ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    මේ තත්ත්වය හේතුවෙන් 2014 ජූනි මාසයේ මෙරට අපනයන ආදායම 2013 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 22%කින් වර්ධනය වී ඇති බවත් එය ඇමරිකානු ඩොලර් මිලියන 986ක් වී ඇති බවත් මහ බැංකුව පෙන්වා දෙයි. එමෙන්ම ගිය වසරට සාපේක්ෂව 2014 වසරේ ජූනි මාසයේ ආනයන වියදම 4.6%කින් අඩු වී එනම් ඩොලර් මිලියන 1439ක් වී ඇත.

    2014 ජූලි මාසයේ ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය පසුගිය වසරට වඩා එම කාලසීමාව තුළ දී 25%කට වඩා අධික ප‍්‍රමාණයකින් වර්ධනය වී ඇති බව පෙන්වා දෙන මහ බැංකුව එය ඇමරිකන් ඩොලර් මිලියන 194කට ආසන්න මට්ටමකට පැමිණ ඇති බව සඳහන් කරයි. සමස්තයක් ලෙස පසුගිය වසරට වඩා මේ වසරේ ගෙවුණු කාල සීමාව තුළ සංචාරක ක්ෂේත‍්‍රයේ වර්ධනය 24.7%කි.

    මීට අමතරව විදෙස්ගත ශ‍්‍රමිකයන්ගෙන් ලැබෙන පේ‍්‍රෂණයන් වැඩිවීම හේතුවෙන් මෙරට ජංගම ගිණුමේ හිඟය ද අඩු මට්ටමකට පැමිණීම ද කැපී පෙනේ. මෙම තත්ත්වය හේතුවෙන් 2014 වසරේ මුල් මාස හය තුළ ගෙවුම් ශේෂය ශක්තිමත් වී ඇති බව ද මහ බැංකුව වැඩිදුරටත් පෙන්වාදෙයි.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya