මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන 858ක්

    අගෝස්තු 17, 2014
    කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4660ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළ පසුගිය දා අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය කටයුතු කළේය. 
     
    මහින්ද චින්තන ඉදිරිදැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් ආරම්භ කොට ඇති මෙම වැඩසටහන මෙම වසර ඇතුළත දී අවසන් කිරීමට ද අපේක්ෂිතය.
     
    කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4660ක් සඳහා සෙත සලසමින් ක්‍රියාත්මක වන මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය රුපියල් මිලියන 858ක් වැය කිරීමට නියමිතය.
     
    පසුගිය දින අවිස්සාවේල්ල ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල් 200ක් සඳහා රුපියල් 3,600,000 වියදමින් සනීපාරක්ෂක පහසුකම් සැපයීම සිදු විය.
     
    මෙම ව්‍යාපෘතියේ පළමු අදියර රුපියල් මිලියන 258ක වියදමින් පවුල් 2548කට පහසුකම් සලසමින් ක්‍රියාත්මක කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya