මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 25%ක් අවසන්

    අගෝස්තු 17, 2014
    මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 25%කට වැඩි ප්‍රමාණයක් අවසන් ව ඇති අතර මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2016 දී අවසන් කිරීමට නියමිතය. 
     
    නව මාර්ගයේ ඉදිකෙරෙන විශාලතම දුම්රිය ස්ථානය, බෙලිඅත්ත දුම්රිය ස්ථානය වන අතර එහි ඉදිකිරීම් කටයුතු චීන රජයේ ආධාර යටතේ සිදු කෙරේ. ප්‍රධාන දුම්රිය ස්ථාන කැකනඳුර, බඹරැන්ද සහ වැව්රුකන්නල නගරවල ද පිලදූව සහ වෙහෙරහේන නගරවල උප දුම්රිය ස්ථානයන් ද ඉදිකිරීමට නියමිතය.
     
    මෙම දුම්රිය මාර්ගය සඳහා පවුල් 1225කට අයත් අක්කර 229ක භූමි ප්‍රමාණයක් අත්පත් කර ගන්නා අතර ඒ සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 978ක මුදලක් ගෙවා තිබේ. 
     
    එම මාර්ගයේ ඉදිවෙන නාකුට්ටිය උමං මාර්ගය ශ්‍රී ලංකාවේ ලොකුම උමං මාර්ගය වන අතර එය දිගින් මීටර් 606ක් පමණ වේ. එම මාර්ගයේ ම තවත් උමං මාර්ගයක් බඹරැන්දේ ඉදිකරන අතර එය මීටර් 238ක දිගින් යුතුය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya