අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලනිප අසමසම යාන්ත්‍රණයක්

    අගෝස්තු 15, 2014
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මේ රටේ ආගමික වාර්ගික හෝ වෙනයම් පටු වාද භේදයකින් තොරව ජනතාව එක් රැස්කරන, ජනතාවට රැකවරණය දෙන, ජනතාවගේ බලාපොරොත්තු සඵල කරන අසමසම යාන්ත්‍රණයක් බවට පත්වූවක් යැයි සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පැවසීය.
     
    මහ ඇමතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය දා වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ සමුළුව අමතමිනි.
     
    ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව පිළිබඳ ව තොරතෝංචියක් නැතිව වැදි බණ දෙසන ඇතැම් බටහිර තානාපති කාර්යාල එදා අරන්තලාවේ භික්ෂු ඝාතනය, උතුරු සහ නැගෙනහිර පළාත්වල සමූහ මුස්ලිම් ඝාතන ඇතුළු දැවැන්ත සාපරාධී ක්‍රියා සිදුවන විට එම එම කාර්යාල වසා තිබිණි දැයි ප්‍රශ්න කරයි.
     
    "රට රකින නිල් පවුර-  සුරකිමු මව්බිම" තේමා කර ගනිමින් මැතිවරණ කොට්ඨාසයක් පාසා මෙවන් සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කරයි.
     
    එදින වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ සම්මන්ත්‍රණය ශ්‍රීලනිප ආසන සංවිධායක අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා සංවිධානය කර තිබූ අතර හලාවත මැතිවරණ කොට්ඨාසයේ එම සමුළුව ආසන සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා සංවිධානය කර තිබිණි.
     
    හලාවත පැවති සමුළුව අමතමින් මහ ඇමතිවරයා සඳහන් කළේ මෙම සම්මන්ත්‍රණ මාලාවට අඛණ්ඩව සහභාගී වන තමන්ට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් තුළ පක්ෂයේ උන්නතිය සඳහා ඇති දැඩි කැපවීම මනාව දක්නට ලැබුණු බවය.
     
    "මේ එළඹ ඇත්තේ ශ්‍රීලනිපයේ ස්වර්ණමය අවධියයි. බණ්ඩාරනායක ශ්‍රීමතාණෝ, ඩී.ඒ. රාජපක්ෂ මැතිඳුන් හා එක්ව එදා ආරම්භ කළ මේ පක්ෂය පංච මහා බලවේග ඇතුළු පොදු ජන සිතැඟි තේරුම් ගනිමින් කටයුතු කරන ලාංකීය ජන ජීවිතයේ ආධ්‍යාත්මක ප්‍රකාශනයක් බඳු වූවක්. මේ වන විට අප පක්ෂයට නායකත්වය දෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රීලනිපය මේ රටේ සියලුම ජනතාව ඒකරාශී කරන සියලු පාර්ශවයන් ඒකරාශී කරන සියලු ජනතාවට රැකවරණය සහ ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකරන අසමසම යාන්ත්‍රණයක් බවට පත් ව තිබෙනවා.
     
    මෙම තත්ත්වය නොඉවසන මෙරට සීමිත දේශද්‍රෝහී පිරිසක් සමහර බටහිර අධිරාජ්‍යවාදීන් එක් ව අපේ රටේ ඉදිරි ගමන ආපසු හැරවීමට දැන් තැත් කරනවා. ඔවුන් දැන් අපිට ආගමික සංහිඳියාව පිළිබඳ ව වැදි බණ දෙසමිනුයි ඉන්නේ. අපේ රටේ ආගමික සංහිඳියාවක් නැතිලු. පුද්ගල බද්ධ ගැටුම් මේ රටේ පමණක් නො ව ඕනෑම රටක ඉතිහාසයේ පටන් අද දක්වා ම දක්නට ලැබෙන්නක්. එවන් හුදෙකලා සිදුවීම් ආගමික ගැටුම් ලෙස හුවා දක්වමින් අප රට අවුල් කිරීමට දුර්දාන්ත විදේශ බලවේග පිඹුරු පත් අඳිනවා.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත අප පක්ෂය මැතිවරණ කොට්ඨාස මට්ටමින් මෙවන් සම්මන්ත්‍රණ  පැවැත්වීමේ අරමුණ වත්මන් දේශපාලන යථාර්ථය අප පක්ෂයේ බිම් මට්ටමේ නායකයන් දැනුවත් කරමින් අවසානයේ සමස්ත රට වැසියන්ට මෙම දේශපාලන යථාර්ථය හා බටහිර කුමන්ත්‍රණ පිළිබඳවත් ඒවා පරාජය කළ හැකි අයුරු පිළිබඳවත් ජනතාව පෙළගැස්වීම යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya