අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තල්දූව අංග සම්පූර්ණ තෙමහල් පොදු වෙළෙඳපොළ ඉදිකිරීම් ඇරඹේ

    අගෝස්තු 15, 2014
    දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් තල්දූව නගරයේ නව පොදු වෙළෙඳපොළ ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් පසුගිය දා ආරම්භ විය. ඒ සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනි. 
     
    කොළඹ - කෑගල්ල රත්නපුර සහ ගම්පහ යන පරිපාලන දිස්ත්‍රික් 04කට සමීපව පිහිටි තල්දූව නගරයේ අභිනවයෙන් ඉදිවන පොදු වෙළෙඳපොළ මහල් තුනකින් සමන්විතය.
     
    ඒ සඳහා රුපියල් ලක්ෂ 190ක් වැය වේ. ඉන් ලක්ෂ 125ක් සබරගමු පළාත් සභාවේ නිර්දේශය මත දේශීය ණය සංවර්ධන අරමුදල ලබාදී ඇති අතර ඉතිරි රුපියල් හැත්තෑපන් ලක්ෂය දෙහිඕවිට ප්‍රාදේශීය සභාව මගින් ලබාදී ඇත.
     
    ඉදිකිරීම් සමාරම්භක අවස්ථාවට මහ ඇමති මහීපාල හේරත්, ජ්‍යේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එච්.ආර්. මිත්‍රපාල, වයි.ජී. පද්මසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, පළාත් සභා මන්ත්‍රීවරුන් වන දුෂ්මන්ත මිත්‍රපාල, වත්සලා ජනාදරී පද්මසිරි, දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල රුවන් කන්දෙවත්ත, පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් බී.එම්.පී.එන්. බෙලිගම්මන, කෑගල්ල පළාත් පාලන කොමසාරිස් දුලිප් සොමිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya