අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ දියුණුවට කාන්තාවන් සතු කාර්යභාරය තීරණාත්මක සාධකයක්

    අගෝස්තු 15, 2014
    දරුවන් වෙනුවෙන් නිවැරදි දේ තෝරා බේරා දෙන්නේ මව්වරු බව බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින මොනරාගල පැවැති ආහාර ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වෙමිනි. දරුවන්ට වසවිස නැති ආහාර ලබාදීමේ වැදගත්කම පිළිබඳ ව ද අමාත්‍යවරයා මෙහිදී අඳහස් පළ කළේය.
     
    පවුල් සංස්ථාවේ ආරක්ෂකයා වන්නේ කාන්තාවයි. දරුවන් හදා වඩා ඔවුන්ව ආරක්ෂා කර රට වෙනුවෙන් දායාද කරන්නේ මව්වරුන්ය. රටේ සංවර්ධනය උදෙසා අපට අවශ්‍ය වන්නේ නිරෝගී දරු පරපුරකි. වසවිස නැති පෝෂණ ගුණයෙන් සපිරි සමබල ආහාර ලබාදෙමින් ශක්තිමත් දරුවන් බිහිකිරීමට මුලිකත්වය ගන්නේ කාන්තාවයි. 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සැමවිටම පවසන්නේ හොඳම දේ දරුවන් වෙනුවෙන් ලබාදිය යුතු යැයි පැවසූ අමාත්‍යවරයා රටේ වැවෙන දේශීය ආහාර දරුවන් වෙනුවෙන් ලබාදිය යුතු යැයි ද පැවසීය.
     
    දිනූ නිදහස අර්ථවත් කිරීමට නම් අනාගතය භාර ගත යුත්තේ නීරෝගි දරු පරපුරකි. නීරෝගී දරුපරපුරක් බිහිකිරීමට නම් විශේෂයෙන් මව්වරුන් දරුවන්ගේ පෝෂණය පිළිබඳ නිවැරදි තීරණ ගැනීම වැදගත්ය.
     
    රටේ දියුණුවට කාන්තාවන් සතු කාර්යභාරය තීරණාත්මක සාධකයක් වන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya