අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැවත පදිංචි කළ ජනතාවට නාවික හමුදාවෙන් සෞඛ්‍ය සායනයක්

    අගෝස්තු 12, 2014
    බත්තලංගුණ්ඩුව දූපතේ නැවත පදිංචි කළ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් පසුගිය දින සෞඛ්‍ය සායනයක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
     
    මෙම සායනය වයඹ නාවික විධානයේ‍ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියාල් ද සිල්වා මහතාගේ අනුග්‍රහයෙන් යුතු ව පැවැත්විණි.
     
    සායනය සඳහා බත්තලංගුණ්ඩුව, උච්චමුනෙයි, සින්නගුණ්ඩුව සහ පල්ලියවත්ත ප්‍රදේශවල අලුතින් නැවත පදිංචි කළ පවුල්වල ජනතාව සහභාගි වූහ.
     
    මෙහිදී බෝවන සහ බෝ නොවන රෝග, ස්වසන රෝග සඳහා මෙන් ම ළමා හා වැඩිහිටි සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර ලබා දී ඇත. මෙම සායනය සඳහා විශාල පිරිසක් සහභාගි වී ඇති අතර ඖෂධ මෙන් ම පෝෂණ සත්කාරයන් ද ලබා දී නොමිලයේ ලබා දී ඇත. 
     
    DB
     
    BATTHALANGUNDUWA CLINIC
     
    BATTHALANGUNDUWA CLINIC 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya