අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවලපිටියට තර්ජනයක් වු දිවි ධේනුව දෙහිවලට

    අගෝස්තු 12, 2014
    නාවලිපිටිය ප්‍රදේශවාසීන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ දිවි ධේනුව වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරය මත නිරුපද්‍රිත ව අල්ලාගෙන දෙහිවල සත්වෝද්‍යානය වෙත රැගෙන විත් ඇත.
     
    වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරය මත සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය විසින් නාවලපිටිය බාර්කේපල් වතුයායේ ඇටවූ උගුලකට පසුගිය සෙනසුරාදා මෙම දිවි ධේනුව අසු වී ඇත.
     
    මෙම දිවි ධේනුව වනයට මුදාහැරීම සුදුසු නොවන බැවින් හා සත්වෝද්‍යානයේ අවශ්‍යතාව අනුව එම දිවි ධේනුව සත්වෝද්‍යානයට රැගෙන ඒමට පියවර ගෙන ඇත.
     
    සත්වෝද්‍යානයේ අවශ්‍යතාව මත වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගනිමින් වනයෙන් සතුන් අල්ලාගැනීම සඳහා වනජීවි ආඥාපනත යටතේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නීතිමය බලයක් හිමිවී තිබෙන බව උද්භිත උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya