අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ක්ෂේත්‍රයේ පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව වැඩපිළිවෙළක්

    අගෝස්තු 04, 2014
    ශ්‍රී ලංකා හෝටල් සහ සංචාරක කළමනාකරණ ආයතනයේ වෘත්තීය පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව වැඩපිළිවෙළක් හදුන්වා දීමට සබරගමුව පළාත් සභාව පියවර ගෙන ඇත. 
     
    මෙරට සංචාරක කර්මාන්තය සහ හෝටල් ක්ෂේත්‍රයට අදාළව නිර්මාණය වන රැකියා සඳහා සබරගමුවේ පාසැල් හැරගිය තරුණ තරුණියන්ට ඉඩකඩ ලබාගැනීමේ අරමුණින් හඳුන්වාදුන් මෙම වැඩපිළිවෙළ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ අදහසක් අනුව ආරම්භ වූවකි.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය යටතේ පාලනය වන ශ්‍රී ලංකා හෝටල් හා සංචාරක පාසලේ රත්නපුර ශාඛාවේ ඉගෙනුම සඳහා කෑගල්ල  දිස්ත්‍රික්කයෙන් තරුණ තරුණියන් 80 දෙනෙකු මේ සඳහා ඉදිරිපත් ව ඇත. ඒ සඳහා වැය කළ යුතු රුපියල් දාහතර ලක්ෂ හතළිස් දහසක් වන මුළු පාඨමාලා මුදලම සබරගමු පළාත් සභාව ප්‍රදානයක් වශයෙන් ඔවුන්ට ලබාදේ.
     
    සබරගමුවේ පාසැල් හැරගිය තරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය ඇතුළු අරමුණු රැසකින් යුතු තරුණෝදය ප්‍රදර්ශන මාලාවේ කෑගල්ල ප්‍රදර්ශනයට පැමිණි තරුණ තරුණියන් අටදහසකට වැඩි පිරිසකට විවිධ රැකියා මංපෙත් තෝරාගැනීමට අවස්ථාව තිබූ අතර ඒ අතුරෙන් තරුණ තරුණියන් 200ක් පමණ හෝටල් කර්මාන්තයට ඇතුළත් වීමට සිය කැමැත්ත පළ කර තිබිණි.
     
    ඔවුන් අතුරින් තෝරා ගැනුණු අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 80දෙනෙකුට සමස්ත පාඨමාලා ගාස්තුවම පළාත් සභා අරමුදලින් ගෙවීමට තීරණය කිරීමෙන් පසු ඊට අදාළ හිමිකම් පත ඔවුන් අතට පත්කිරීම පසුගිය දා මහ ඇමති මහීපාල හේරත් මහතා  අතින් සිදු විය.
     
    ඔවුන් 80දෙනා සඳහා සමස්ත පාඨමාලා ගාස්තුව වන රුපියල් දාහතර ලක්ෂ හතලිස් දහසක මුදල ප්‍රදානයක් වශයෙන් සබරගමු පළාත් සභාව එම තරුණ තරුණියන්ට ලබාදේ.
     
    මෙ අවස්ථාවට  දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී කනක හේරත්, සබරගමු ප්‍රධාන ලේකම් එච්.පී. කුලරත්න ඇතුළු නිලධාරීහු රැසක් එක්වූහ.
     
    DB
     
    hotel school

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya