අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නව දේශන ශාලා සංකීර්ණයට මුල්ගල තැබේ

    අගෝස්තු 04, 2014
    ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නව දේශන ශාලා සංකීර්ණයට මුල්ගල තැබීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.
     
    නායකත්ව අධ්‍යාපන හා පුහුණුව සඳහා වූ ජාතික කේන්ද්‍රය ලෙසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පදනම් ආයතනය සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ ආයතනයක් ලෙස තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය ලබා ඇත.
     
    ශ්‍රී ලංකා පදනම් ආයතනය මගින් සමාජ සහ ආයතනික සංවර්ධන, ව්‍යාපාර සහ ව්‍යවසායකත්ව සංවර්ධනය, මනෝ විද්‍යාව හා උපදේශනය, භාෂා සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනාකරණය, සිනමාව සහ රූපවාහිනිය, මෝස්තර නිර්මාණය සහ රංග වින්‍යාසය වැනි අධ්‍යාපන පාඨමාලාවන් පවත්වාගෙන යනු ලබයි. 
     
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, රූපවාහිනි සංස්ථාවේ සභාපති විමල් රූබසිංහ, ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති චන්ද්‍රවංශ පතිරාජ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.
     
    DB
     
    MP BR FOUNDATION 1
     
     
    MP BR FOUNDATION 2
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya