අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ බස් රථ නියාමනය ඇතුළු සේවා රැසක් විධිමත් කෙරේ

    අගෝස්තු 04, 2014
    රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකේ පෞද්ගලික බස් රථ පාසැල් සිසු ප්‍රවාහන සේවා සහ බස් නැවතුම්පොළ ජංගම වෙළෙඳුන්ගේ සේවය නියාමනය විධිමත් කිරීමට සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගනී.
     
    මේ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසැල් සිසු ප්‍රවාහන කටයුතුවල නියැළෙන පෞද්ගලික බස් රථ නියාමනයට මුලපුරමින් ඒ සඳහා සුදුසුකම් සපිරූ බස් රථ සඳහා නිසි බලපත්‍ර ලබාදීම, මාර්ග පරීක්ෂකවරු සඳහා නිල ඇඳුම් බෙදාදීම මෙන් ම කෑගල්ල දිස්ත්‍රික්කය පුරා පෞද්ගලික බස් නැවතුම්පොළවල ජංගම වෙළෙඳාමේ නිරත වෙළෙඳ මහතුන් 89කට හැදුනුම්පත් නිකුත් කිරීම පසුගිය දා සබරගමු මහ ඇමති සහ ප්‍රවාහන විෂය භාර ඇමති මහීපාල හේරත් මහතා අතින් සිදු විය.
     
    ඒ කෑගල්ල රතඹලාවත්තේ පිහිටි සබරගමු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි කාර්යයාලයේ දී ය.
     
    මෙහිදී මහ ඇමතිවරයා සඳහන් කළේ මගීන් මෙන් ම පාසැල් සිසුන් ප්‍රවාහනයට ද පෞද්ගලික අංශය දායක වෙමින් රජය මත පැටවුණු දැවැන්ත වගකීමට යම් ප්‍රමාණයකින් හෝ දායක වීම පිළිබඳ පෞද්ගලික බස්හිමියන් අගයන බවය.
     
    තම බස් රථවල ගමන් ගන්නා පාසැල් දරුදැරියන් තමාගේම දරු දැරියන් යැයි සිතා කටයුතු කරන්නේ නම් පාසැල් ළමුන් ප්‍රවාහනය කිරීමේ පෞද්ගලික බස් රථ සේවාව මීටත් වඩා හොඳ සේවාවක් බවට පත් කළ හැකි යැයි කී මහ ඇමතිවරයා පාසැල් වෑන් රථ පරීක්ෂා කිරීමේ බලතල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සතු බව එහි නිලධාරීන්ට සිහිපත් කළේ ය.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දිවිනැගුම වැඩසටහන යටතේ ජංගම වෙළෙඳුන්ට හැඳුනුම්පත් පමණක් නො ව ඔවුන්ගේ වෘත්තීය මට්ටම ඉහළට ඔසවා තැබීමට ඉදිරියේ දී පියවරගන්නා බවත් මහ ඇමතිවරයා කීය.
     
    මෙම අවස්ථාවට සබරගමු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති එච්.පී. කුලරත්න, එහි සාමාන්‍යාධිකාරි අනුරුද්ධ බණ්ඩාර, අමාත්‍යංශයේ ලේකම් බී.එම් පී.එන්. බෙලිගම්මන යන මහත්වරු ද සහභාගී වූහ.
     
    DB
     
    adikari sabaragmu 1
     
     
    adikari sabaragmu 3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya