අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩුවෙල සුළු වාරිමාර්ග හා පුරන් කුඹුරු අස්වැද්දීම හෙට

    ජූලි 28, 2014
    2014 ක්‍රියාකාරී සංවර්ධන සැලැස්මට අනුව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුළු වාරිමාර්ග හා පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනේ සමාරම්භය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) දින පෙ.ව. 8.30 ට කඩුවෙල, රණාල ඇඹිල්ලදෙනිය, කිතුල්ගමුව වෙල්යායේ දී සිදුකෙරේ.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන 2014 ක්‍රියාකාරී සංවර්ධන සැලැස්මට අනුව කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.
     
    මේ යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ හා පුරන් කුඹුරු අස්වැද්දවීමේ ව්‍යාපෘති 10ක් සිදුකෙරෙන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන්කොට ඇත.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, ජගත් කුමාර, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් ඩී.එම්. දයාවතී යන මහත්ම, මහත්මීන්, නිලධාරීන් සහ ගොවි  සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya