අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ රජය හැම ජාතියකටම, හැම ආගමකටම එක සමානව සලකනවා

    ජූලි 28, 2014
    මේ රජය හැම ජාතියකටම, හැම ආගමකටම කුලමල භේද බලන්නේ නැතිව එක සමානව සලකන බවත් අපේ ජනාධිපතිතුමාත්, අපිත් හොඳ අවබෝධ මිනිසුන්ගේ දුක් අමාරුකම්වලට විසඳුම් ලබාදෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බේරුවල නගර සභාපිටියේ පැවති "රට නඟන නිල් රැල්ල" බේරුවල කාන්තා මහා සමුළුව අමතමිනි. 

     

    බේරුවල ආසනයේ ශ‍්‍රී.ල.නි.ප. ප‍්‍රධාන සංවිධායක, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ හා විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් පැවති මෙම කාන්තා සමුළුවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූවාය. බේරුවල ආසනයේ ශ‍්‍රී.ල.නි.ප. ශාඛාවල කාන්තාවන් 3500ක් පමණ මේ අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයකි. 


    මෙහිදී අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය. "උසස් අධ්‍යාපනය ලැබූ අපේ දරුවන් දහස් ගණනක් පිටරට යන්නේ උසස් රැකියාවක් කරන්නයි. ඒ සඳහා ජනාධිපතිතුමා මහින්දෝදය තාක්‍ෂණික විද්‍යාගාර ආරම්භ කර තියෙනවා. බේරුවල පාසල් 07කට මහින්දෝදය විද්‍යාගාර ලබාගත්තා. මේ මහින්දෝදය විද්‍යාගාර කියන්නේ තාක්‍ෂණය පමණක් නොවෙයි. භාෂාවන්, ගණිතාගාර ආදියත් තියෙනවා. මේ තාක්‍ෂණ දැනුම අපේ ළමයින්ට තියෙනවා නම් ඕන තරම් රැකියාවන් තියෙනවා. බේරුවල ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දැන් තාක්‍ෂණ විද්‍යාගාරය හදනවා. බේරුවල ආසනයේ ඔබගේ දරුවන්ටත් උගන්වා හොඳ පුරවැසියන් කරන්න මට අවශ්‍යයි. ඒ සඳහා ඕනෑ තරම් කරදර දුක් වේදනා, අපහසුකම් විඳින්න සිදු වේවා. ඒත් ඔබ ඔබගේ දරුවාට හොඳට උගන්වන්න. එය තමුන්නාන්සේලාගේ තියෙන විශාලතම ආයෝජනයයි. 


    මම දේශපාලනයට ආවේ මේ රටේ පෑගෙන ජනතාවට සමාජවාදය තුළින් නැගී සිටින්නට උදව් කරන්න හිතාගෙනයි. ඒ පරමාර්ථ මා කවදාවත් වෙනස් කරන්නේ නැහැ. අපි ආත්ම ගරුත්වය තියාගෙන දේශපාලනය කරනවා. අපි පිළිගන්නේ මනුස්සකමයි. මේ මනුස්සකම ගෙනියන්න තමයි හැම ආගමක්ම බිහිවුණේ. ඒ නැතුව මිනිස්සුන්ව මරන්න, කොටන්න, කපන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ තියෙන්නේ හැමෝටම අවිහිංසාවයි. එහි බුදුදහම ප‍්‍රචලිත කරන්න, තව අයව මරන්න කියා බුදු දහමේ දර්ශනයක් නැහැ. බෞද්ධ දර්ශනය නිසා අපට කවදාවත් වරදින්නේ නැහැ. බෞද්ධ දර්ශනය ගැන ඇති විශ්වාසය නිසා ආගම්, ජාති, කුල භේද බලන්නේ නැතිව මනුෂ්‍යත්වයේ නාමයෙන් ජනතාවට සේවය කරන බවත් ජනාධිපතිතුමා බේරගත්ත මේ රට සංවර්ධනය කරා ගෙනයන්න කැපවෙලා කටයුතු කරන ලෙසත්" පැවසීය. 


    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, මල්ෂා කුමාරණතුංග, ආරියවති ගලප්පත්ති, ප‍්‍රසන්න සංජීව, බේරුවල ප‍්‍රාදේශීය සභාවේ සභාපති කුෂ්මන් ද සිල්වා යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya