අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවේ මල් වගාකරුවන්ගේ ගැටලු සාකච්ඡා කෙරේ

    ජූලි 23, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීමේදී බදුල්ල දිස්ත්‍රික්කයේ මල් වගාකරුවන් ඉදිරිපත් කළ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා සංවිධානය කෙරුණු විශේෂ රැස්වීමක් උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
     
    අදාළ සියලු රාජ්‍ය නිලධාරීන්, මල් වගා කරුවන්ගේ සංගම්වල නියෝජිතයින් හා මල් වගාකරුවන් ද සහභාගී වූ මෙම විශේෂ රැස්වීමේදී විසිතුරු මල් පැළ, කැපූ මල්, විසිතුරු පැළ හා විසිතුරු පත්‍ර යන විවිධ ක්ෂේත්‍රයන්හි ගැටලු සාකච්ඡා කෙරිණි.
     
    එහිදී මතු වූ ගැටලු අතර දිස්ත්‍රික්කයේ මල් වගාකරුවන්ගේ නිෂ්පාදන සඳහා නිසි වෙළෙඳපොළක් නොමැතිවීම පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ හා අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීම මත දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල විසිතුරු මල් නිෂ්පාදන සඳහා වෙළෙඳ කුටි පවත්වාගෙන යාමටත් උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් අපනයන වෙළෙඳපොළ සම්බන්ධව අවශ්‍ය සම්බන්ධීකරණය කිරීමටත් තීරණය විය.
     
    ප්‍රදේශයේ මල් වගාකරුවන් හට නව ප්‍රභේදයන්හි උසස් ගුණාත්මක මල් පැළ, බීජ සහ  නිසි උපදෙස් හා නවීන තාක්ෂණය ලබා ගැනීමට ඇති අසීරුතා සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
     
    මේ පිළිබඳව මල් සංගම් හරහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරමින් එම පහසුකම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී පැවසීය.
     
    මල් වගාකරුවන්ට මූල්‍ය ණය පහසුකම් ආදිය ලබාදීම, දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා අවශ්‍ය උපකාර ලබාදීම, මල් පැළ, කැපූ මල් විසිතුරු පැළ හා පත්‍ර බෙදා හැරීමේ විධිමත් ක්‍රමවේදයක් සැකසීම, දැඩි සුළං වැනි පාරිසරික බලපෑම් හේතුවෙන් හානියට පත් මල් වගා සහ ආරක්ෂිත ගෘහ ආදිය වෙනුවෙන් වන්දි ලබාදීම, ඇල්ල නගරයේ සංචාරක උද්‍යානයක් ස්ථාපිත කිරීම වැනි කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.
     
    එසේම විශේෂයෙන් විසිතුරු මල් ක්ෂේත්‍රයේ මහා පරිමාණ ව්‍යාපාරිකයින් හා තරග කිරීමට ඇති අසීරුතාව පිළිබඳව ද මෙහිදී මල් වගාකරුවන් කරුණු දැක්වූ අතර ඒ සම්බන්ධයෙන් ද අමාත්‍යංශය මැදිහත්ව වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය විය.
     
    බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රෝහණ පුෂ්ප කුමාර, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩබ්.ඒ.සී.ඒ. විජේසූරිය, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සිරිල් විජේසුන්දර, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එන්. යාපා, ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (බිඳුණු වැව) පී.ඒ. ආරියසේන ගුරුසිංහ, අංශ ප්‍රධානී (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය) කථිකාචාරිනී මංගලී අල්විස් යන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ නිලධාරීන් රාශියක් ද මෙම අවස්ථාවට එක්වූහ.
     
    බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ උපදෙස්  හා මෙහෙයවීම මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය මෙම රැස්වීම සංවිධානය කොට තිබිණි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya