මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් ලුණුගම් වෙහෙර ජනතාවට වියළි සලාක බෙදාදීම

    ජූලි 23, 2014
    නියඟයෙන් පීඩාවට පත් වූ ලුණුගම් වෙහෙර ජනතාවට වියළි සලාක බෙදාදීමේ වැඩසටහනක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
     
    බෝගහවැව, දෙව්රම් වෙහෙර, වෙහෙරගල, අඟුණුකොළ වැව, මහ අලුත්ගම් ආර යන ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 1500ක් සඳහා මේ වියළි සහනාධාර ප්‍රදානය කොට ඇත.

     

    නියඟයෙන් පීඩාවට පත් වූ ජනතාවට අවශ්‍ය සහන තවදුරටත් ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ලබා දෙන ලද උපදෙස් පරිදි දිවයින පුරා මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

     

    මේ අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතවරු රැසක් එක්ව සිටියහ.

     

    NDH/pmu_pix by Nalin Hewapathirana

    07

     

    09

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya