අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ පෝෂණ වැඩසටහන් වෙනුවෙන් රු.මි.89ක්

    පෙබරවාරි 13, 2017

    ගර්භනී මාතාවන් සඳහා දෙනු ලබන ගර්භනී මාතාවන්ගේ පෝෂණ මලු දීමනාව යටතේ 2017 වර්ෂයේ මුල් මාස 03 ක කාර්තුව සඳහා ගාල්ල දිස්ත්‍රික්කය සඳහා රුපියන් මිලියන 89 ක මුල්‍ය ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබා දී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මුල් ළමා විය සංවර්ධන ඒකකය සඳහන් කරයි.

    ගෙවී ගිය 2016 සම්පුර්ණ වර්ෂය සඳහා මෙම වැඩසටහන යටතේ මිලියන 303ක මුදලක් ගර්භනී මාතාවන් වෙනුවෙන් බෙදා දී ඇතැයි ද එම ඒකකය තව දුරටත් පෙන්වා දෙයි.

    එමෙන් ම අය වැය යෝජනා යටතේ දිවයින පුරා සිටින දරුවන් අතරින් අඩු බරැති දරුවන් තෝරාගෙන එම ළමුන්ගේ පෝෂණ තත්ත්වයන් නගා සිටුවීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන මත ගාල්ල දිස්ත්‍රික්කයේ අඩු බරැති පෙර පාසල් ළමයින් 3,300ක ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.

    මේ යටතේ මෙම ළමයින් සඳහා පෝෂණිය උදෑසන ආහාර වේලක් ලබාදීම සිදු කිරීමට යෝජනා වී ඇති අතර ඉදිරියේ දී ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ද මුල් ළමා විය සංවර්ධන ඒකකයෙන් කළ විමසීමක දී එම ඒකකය වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya