මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ අන්තර් ආගමික කමිටුව

    පෙබරවාරි 11, 2017

    ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය දිවයිනේ දිස්ත්‍රික්ක 16 ක් ආවරණය වන පරිදි  ආගමික සහ වාර්ගික සහජීවනය වඩා වර්ධනය කරලීම උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ පොලොන්නරුව දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව පසුගියදා රැස් වූ බව පොලොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය එක්කය සඳහන් කරයි.

    දශක තුනක් පමණ පැවති යුද්ධය අවසන් වී වසර හයක් පමණ ගෙවී ගියද තවමත් ඒ නිසා හටගත් බොහෝ ගැටලු විසඳමින් පවතින බව ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකාර සමන් සෙනවිරත්න මෙහිදී ප්‍රකාශ කළේය.

     

    වත්මන් රජයේ සංහිඳියා වැඩපිළිවෙළ අගය කළ ඒ මහතා පසුගිය වසර කිහිපය තිස්සේ ක්‍රියාත්මක වන අන්තවාදී කොටස්වල බලපෑම එය තවතවත් සංකීර්ණ කර තිබෙන බවත් අප රටේ ජීවත්වන ජනතාව යහමග යැවීමෙහිලා ආගමික නායකයන්ගෙන් ලැබී ඇති දායකත්වය ඉමහත් බවත් සඳහන් කළේය.


     
    මෙම අවස්ථාවට ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින් ඇතුළු පිරිසක් සහ සහය ව්‍යාපෘති කලමනාකාරිනී රසිකා සෙනවිරත්න පොලොන්නරුව අන්තර් ආගමික කමිටුවේ සම්බන්ධීකාරක වයි.ජී.පුංචිබණ්ඩාර යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya