අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තංගල්ල කහදමෝදර ගුරුපොකුණ මාර්ගය සංවර්ධනය ඇරඹේ

    පෙබරවාරි 14, 2017

    වසර ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක්නොවී තිබු තංගල්ල රන්න කහදමෝදර - ගුරුපොකුණ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.


    එම ප්‍රතිසංස්කරණ කටයුතු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය , හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටුවේ සම සභාපති දිලිප් වෙදආරච්චි මහතාගේ නිරීක්‍ෂණයට ලක් විය.

    මෙම කහදමෝදර ගුරුපොකුණ මාර්ගයේ දිග කිලෝමීටර් 13 කි. පළමු අදියර යටතේ කිලෝමීටර් 05 සංවර්ධනය කිරීම ආරම්භ විය. ඒ සදහා වැයකරන මුදල රුපියල් මිලියන 114 කි.


    කලමැටිය ධීවර වරායේ ඉදිකිරීම් අවසන් වූ සැනින් මාර්ගයේ ඉතිරි ප්‍රතිසංස්කරණ කටයුතු ද කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya