අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයට ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක්

    ජනවාරි 26, 2017
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ යෝජනාවක් අනුව  මහජනතාවට සේවා සැපයීමේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් අද (26) යාපනයේ දී විවෘත කෙරේ.
     
    යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍ර යේ ස්ථාපිත කෙරෙන මෙම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය හරහා කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පිහිටා ඇති කොන්සියුලර් කාර්යාලයෙන් පමණක් මහජනයාට සැපයූ කොන්සියුලර් සේවා රැසක් එම ප්‍රදේශයේ ජනතාව වෙත සපයනු ඇත. 
     
    විදේශ රටවලදී භාවිතා කිරීම සඳහා අවශ්‍යවන උප්පැන්න, මරණ හා විවාහ මෙන්ම අධ්‍යාපන සහතික සත්‍යාපනය කිරීම, විදේශ රටවලදී අතරමං වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය සහය ලබාදීම, සංක්‍රමණික සේවකයන්ගේ පවුල්වලට වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ විදේශ රටවලදී මියයන ශ්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ මෙරටට ගෙන්වා ගැනීම ආදී සේවා මෙම ප්‍රාදේශීය කාර්යාලය මගින් සලසනු ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya