අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු සහන සත්කාරක සේවා මධ්‍යස්ථානය අනුරාධපුරයේ දී

    ජනවාරි 26, 2017
    ශ‍්‍රී ලංකා රජය, ශාන්ති පදනම සහ  ඕස්ටේ‍්‍රලියානු ලියාපදිංචි පුණ්‍යායතනයක් සමග එක්වී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සහන සත්කාරක මධ්‍යස්ථානය අනුරාධපුරයේ දී පිහිටුවීමට කටයුතු සූදානම් කර ඇතැයි ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    මෙම ව්‍යාපෘතිය වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය සමඟ සෞඛ්‍යය අමාත්‍යංශය, ශී‍්‍ර ලංකාවේ  ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලය සමග ඒකාබද්ධව ක‍්‍රියාත්මක වේ. ශ‍්‍රී ලංකා සහන සත්කාරක සංගමය සහ ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් මෙම ව්‍යාපෘතිය අනුමත කර ඇත.
     
    සහන සත්කාරක සේවාවක් යනු වකුඟඩු ආබාධ, පිලිකා රෝග ආදි දීර්ඝ කාලීන රෝගබාධ නිසා පීඩා විඳින රෝගීන්ගේ කායික, මානසික සහ අධ්‍යාත්මික සුවය සඳහා කටයුතු කරන විශේෂඥ වෛද්‍ය සේවාවකි. වර්තමානය වනවිට විවිධ පුණ්‍ය ආයතනයන් මගින් ක‍්‍රියාත්මකවන මෙවැනි සහන සේවා මධ්‍යස්ථාන 04ක් ශී‍්‍ර ලංකාව තුළ ක‍්‍රියාත්මක වුවද ක‍්‍රමයෙන් වැඩිවන වකුගඩු සහ පිළිකා රෝගීන් සඳහා වෙන්වූ විශේෂ සහන සත්කාරක සේවාවක අවශ්‍යතාව දැඩිව පවතී.  
     
    යෝජිත අනුරාධපුර මධ්‍යස්ථානය සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක පමණ පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර රෝගීන් 40 දෙනෙකුට පමණ නේවාසික පහසුකම් ලබාදිමට සහ බාහිර රෝගීන් සඳහා ජංගම සහන සත්කාර සේවාවක් ඇරඹීමට ද කටයුතු කරයි. ඊට අමතරව පුහුණු හා පර්යේෂණ ඒකකයක් ද මෙහි ස්ථාපිත කෙරෙනු ඇත. දැනට මෙම ව්‍යාපෘතිය අනුරාධපුර මහ රෝහලේ සිට කිලෝමීටර 05ක පමණ දුරක් ඇතුළත සෑදීමට තීරණය කර ඇති අතර එමඟින් රෝහලේ සේවය කරන වෛද්‍ය සහ හෙද කාර්යය මණ්ඩලයේ සේවය මේ සඳහා ලබා ගැනීමට අපේක්‍ෂා කරයි.
     
    මෙම ව්‍යාපෘතිය මඟින් ලාංකික ප‍්‍රජාවට ඉමහත් ප‍්‍රතිලාභ උදාවන අතර රෝගීන්ගේ මානසික පීඩනය දුරු කරමින් ඔවුන්ගෙ ජිවිතයේ ගුණාත්මක බව වැඩි කිරීම සඳහා ප‍්‍රබල පිටුබලයක් වනු ඇත. එමෙන්ම මෙමගින් රෝහල් තුළ ඇතිවන තදබදය දුරු කරමින් මධ්‍යස්ථානය තුළ හෝ තම නිවෙස් තුළම රෝගීන් රැක බලා ගැනිමට ද අවස්ථාවක් උදා වේ. 
     
    මෙහි පුහුණු හා පර්යේෂණ අංශය මගින්  ඕස්ටේ‍්‍රලියානු විශ්වවිද්‍යාල සහ රෝහල් සමග ඒකාබද්ධ පර්යේෂණවල නිරත වෙමින් අදාල යාවත්කාලීන ප‍්‍රමිතීන් ශී‍්‍ර ලංකාව තුළ ඇති කිරීමට ක‍්‍රියා කරනු ඇත.
     
    මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ශාන්ති පදනමේ  නිර්මාතෘ සහ සභාපති වෛද්‍ය සුහර්ෂ කනතිගොඩ මහත්මා සම්බන්ධ කරගැනිමෙන් ලබාගත හැකිය. (ඊ-මේල් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හා වෙබ් අඩවිය - shanthi-foundation.org) 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya