අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර සහනාධාරය සඳහා මාතරට මිලියන 85ක්

    ජනවාරි 26, 2017
    රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ අනුව මාතර දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන් සඳහා 2016 – 2017 මහ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 85.536 ක මුදලක් ගොවීන්ගේ ගිණුම්වලට බැර කර අවසන් බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජේ.අයි. විජේනායක මහතා පවසයි.
     
    කුඹුරු හෙක්ටයාර 6571 ක් වගා කිරීම සඳහා ගොවීන් 15934 දෙනෙකුගේ ගිණුම්වල අදාළ මුදල් මේ වන විට තැන්පත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 
     
    මාතර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා බල ප්‍රදේශ 22 හි ගොවීන් තම ගිණුම් ආරම්භ කර ඇති බැංකු 14 ක එම මුදල් තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ.
     
    පසුගිය යළ කන්නයේ පොහොර සහනාධාරය ලබාගෙන වගා නොකළ හෙක්ටයාර් 8229 ක් සඳහා මෙවර පොහොර සහනාධාරය හිමි නොවන අතර පසුගිය කන්නයේ ලබාගත් සහනාධාර මුදල මේ කන්නය සඳහා හිලව් කෙරේ. ඒ අනුව මෙවර මහ කන්නයේ මාතර දිස්ත්‍රික්කයේ වී වගා ඉලක්කය හෙක්ටයාර් 14800 ක් වනු ඇත.
     
    කුඹුරු අක්කරයක් සඳහා රුපියල් 5000 කි. හෙක්ටයාර 02 ක (අක්කර 05) උපරිමයකට යටත්ව එක් වී වගා කන්නයකට රුපියල් 25000 බැගින් ලබා දේ. ඒ අනුව වී වගා කන්න දෙක සඳහා රුපියල් 50000 ක මුදලක් හිමි වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya