අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර - ග්‍රාමීය ක්‍රීඩාංගණ සංවර්ධනයට මිලියන 12ක්

    ජනවාරි 21, 2017
    ග්‍රාමීය ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 12,587,197.49ක මුදල් ප්‍රතිපාදන වෙන් කොට ඇතැයි මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    ක්‍රීඩා අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ පල්ලේගම ද්විතීක පාසල් ක්‍රීඩාංගණය, දික්වැල්ල විජිත මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය, මිරිස්ස මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය, සිද්ධාර්ථ විද්‍යාලීය ක්‍රීඩාංගණය, දොළ මාවත කනිටු විදුහල් ක්‍රීඩාංගණය, ඉලුප්පැල්ල කනිටු විදුහල් ක්‍රීඩාංගණය, මීපාවිට මෝඩ පාළම අසළ ක්‍රීඩාංගණය සහ වැවහමන්දූව වනිගසේකර මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය වශයෙන් ක්‍රීඩාංගණ අටක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන හතක (රු.7,875,131.18) මුදල් ප්‍රතිපාදන වෙන් කෙරුණු අතර රුපියල් 7,402,744.15 ක මුදලක් වැය කරමින් එම ග්‍රාමීය ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීම සිදුකර තිබේ.
     
    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාතර රාහුල ප්‍රාථමික විද්‍යාලීය බැට්මින්ටන් ක්‍රීඩාපිටිය, බෙරලපනාතර මහා විද්‍යාලීය ක්‍රීඩාපිටිය, සිරි පැරකුම්බා විද්‍යාලීය ක්‍රීඩාපිටිය, දෙනියාය වත්ත කෝවිල අසළ ක්‍රීඩාපිටිය, ඌරුමුත්ත දොළේ ක්‍රීඩාපිටිය, ගන්දර මහා විද්‍යාලීය ක්‍රීඩාපිටිය, සියඹලාගොඩ නැගෙනහිර විදුහල් ක්‍රීඩාපිටිය, පිටවල්ගමුව ක්‍රීඩාපිටිය, කපුදුව පොදු ක්‍රීඩාපිටිය හා හෙට්ටියාවල නැගෙනහිර විදුහල් ක්‍රීඩාපිටිය වශයෙන් ක්‍රීඩාපිටි දහයක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන හතරක (රු.4,712,066.31) මුදලක් වෙන් කෙරුණු අතර එයින් රුපියල් 4,290,020.03 ක මුදලක් වැය කරමින් එම ක්‍රීඩාපිටි සංවර්ධනය කර ඇත.
     
    ඒ අනුව ක්‍රීඩාංගණ දහඅටක් සංවර්ධනය කිරීම සඳහා මාතර දිස්ත්‍රික්කයට වෙන් කළ රුපියල් මිලියන දොළහක (රු.12,587,197.49) මූල්‍ය ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන එකොළහක (රු.11,692,764.18) මුදලක් වැය කරමින් අදාළ ක්‍රීඩාංගණ සියල්ල සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ඍජු මැදිහත්වීම යටතේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීම ඉතා සාර්ථකව සිදු කිරීමට හැකි වූ බව මාතර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ එස්.ජී.විදුර ප්‍රසන්න මහතා පවසයි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya