අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවරයන් පුහුණු කිරීමට වැඩසටහනක්

    ජනවාරි 20, 2017
    ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට නව තාක්ෂණය යොදා ගනිමින් මසුන් ඇල්ලීම පුහුණු කිරීමට හා ගැඹුරු මුහුදේ දී අල්ලා ගන්නා මසුන් ගොඩ බිමට කඩිනමින් ගෙන ඒම සඳහා සකස් කරන ලද නෞකා දෙකක්, දියඹට මුදා හැරීම අද (20) දික්ඕවිට වරායේ දී සිදු කෙරිණි.
     
    මෙම නෞකා දෙකෙන් එකක් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් විසින් ස්වේච්ඡාවෙන් නව තාක්ෂණය යොදා ගනිමින් මසුන් සිටින ස්ථාන හඳුනා ගැනීම, මසුන් ගබඩා කිරිම, අල්ලාගැනීම සදහා නව තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ධීවරයින්ට පුහුණුවක් ලබා දීමට ඉදිරිපත් ව ඇත.
     
    අනෙක් නෞකාව විශේෂයෙන් ගැඹුරු මුහුදේදී අල්ලා ගන්නා මසුන් කඩිනමින් ගොඩබිමට ගෙන ඒමට සකස් කර ඇති අතර, මෙම නෞකා දෙක දියඹට මුදා හැරීම හා නිරීක්ෂණය කිරීම සඳහා පැවැති අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා හා අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය ඇතුලු පිරිසක් සහභාගි වුහ.
     
    GSP+සහනය අප රටට ලැබීම අප රට ලැබු ජයග්‍රහණයක් බවත් මෙම GSP+සහනය ලබාදීම ඇගලුම් කර්මාන්තයට පමණක් නොව මත්ස්‍ය අපනයනය, සුලු කාර්මික භාණ්ඩ අපනයනය, නිමි භාණ්ඩ අපනයනය ඇතුලු අංශ ගණනාවකට බලපාන හෙයින් එමගින් අප රටට විශාල ආර්ථික වාසියක් අත්වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසීය.
     
    එමෙන්ම අපේ රටේ ඇතැම් දේශපාලකයින් විසින් GSP+සහනය ලබා දීමට යුරෝපා  සංගමය විසින් කටයුතු කිරීමට ගත් තීරණය විවේචනය කරමින් එය හෑල්ලුවට ලක් කිරීමට කටයුතු කරන නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින ඊර්ෂ්‍යාව හා කුහකකම ඒ හරහා පිළිබිඹු කරන බවද, පැවසු අමාත්‍යවරයා GSP+සහනය ලබා දීමට රජය කිසිදු රටට අහිතකර කොන්දේසියකට එකග නොවු බව කීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya