අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 දී මත්ස්‍ය අපනයනයෙන් මිලියන 1200ක ආදායමක්

    ජනවාරි 20, 2017
    ශ්‍රී ලංකාව 2016 වර්ෂයේ දී මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 1200ක ආදායමක් ලබා ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවැති ප්‍රගති සමාලෝචනය හා 2017 වසරේ කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡාවේ දී අනාවරණය වූ බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
     
    මෙහිදී ධීවර අංශයේ සංවර්ධනය සඳහා අමාත්‍යාංශය විසින්, 2017 වසරේ දී ධීවර අංශ සංවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හා ව්‍යාපෘති සම්බන්ධයෙන් නිලධාරින් දැනුම්වත් කළේය.
     
    ධීවර අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන අනුව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය 2016 වසරේ දී මත්ස්‍ය අපනයනයෙන් ලද ආදායම රුපියල් බිලියන 1.2ක් යැයි අමාත්‍යවරයා එහිදී කීය. මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන අපනයනය 2015 වසරට සාපේක්ෂව පසුගිය වසරේ සුළු අඩුවීමක් පෙන්නුම් කළ ද, මත්ස්‍ය අපනයනයෙන් ලද ආදායම ඉහළ ගොස් තිබේ. මෙම ආදායම ඉහළයාමට ප්‍රධාන හේතුව වන්නේ මෙරට නිෂ්පාදිත කකුළුවන්, ඉස්සන්, පොකිරිස්සන්, කාවාටි බෙල්ලන් මෙන්ම අප රටේ සජීවි මසුන් පිළිබඳ විදේශ වෙළෙඳපොළේ පැවැති ඉහළ ඉල්ලුමයි. ජාත්‍යන්තර වෙළෙඳපොළේ අප රටේ මසුන් හා මත්ස්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් ඉහළ ඉල්ලුමක් පැවැතිය ද, තවමත් අප සපයන්නේ සමස්ත ඉල්ලුමෙන් තුනෙන් එකක් පමණි.
     
    ඒ අනුව, 2015 වසරේ මත්ස්‍ය අපනයනයෙන් උපයන ලද ආදායම රුපියල් මිලියන 20,336කි. නමුත්, 2016 වසරේ උපයන ලද ආදායම රුපියල් මිලියන 21,539කි. ඒ අනුව උපයන ලද ලාභය රුපියල් මිලියන 1203කි. 2015 වසරේ අපනයනය කරන ලද සමස්ත මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 14,305කි. 2016 වර්ෂයේ දී එය 13,932ක් දක්වා -2.6%කින් පහළ ගොස් තිබේ. එහෙත් අපනයනය කරන ලද මසුන්ට ඉහළ මිලක් ලැබීම නිසා ආදායම ඉහළ ගොස් තිබේ.  
     
    2016 වසරේ දී කකුළුවන් අපනයනයෙන් රුපියල් මිලියන 2056ක් ද, ඉස්සන් අපනයනයෙන් රුපියල් මිලියන 1872ක් ද, පොකිරිස්සන් අපනයනයෙන් රුපියල් මිලියන 316ක් ද, සජිවි මසුන් අපනයනයෙන් මිලියන 1557ක් ද වශයෙන් උපයා තිබේ. කෙසේ වුවද, යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත්කරනු ලැබු පසු මත්ස්‍ය අපනයනයේ ඉහළයාමක් පෙන්නුම් කරන අතර, යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන ලද මසුන් ප්‍රමාණය මීට අයත් නොවේ. පසුගිය වසරේ ජුනි මස 16 දින යුරෝපා සංගමය විසින් මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබු තහනම සම්පුර්ණයෙන්ම ඉවත්කරනු ලැබීය. ඉන් අනතුරුව මාස 18ක් තිස්සේ පැවැති මත්ස්‍ය තහනම ඉවත්වු අතර, එම මාස 18 තුළ මෙරටට සිදුවු පාඩුව රුපියල් මිලියන 18000කි.
     
    කෙසේ වුවද, වත්මන් යහපාලන සම්මුතිවාදි රජය විසින් ජාත්‍යන්තර ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට කටයුතු කිරිම නිසා යුරෝපා සංගමය විසින් පනවා තිබු මත්ස්‍ය අපනයන තහනම ඉවත්කර ගැනීමට හැකි වුවා මෙන්ම, මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ GSP+ තහනම ඉවත්කර ගැනීම ද අප රටේ ජනතාවගේ ජයග්‍රහණයක් බව ද, අමාත්‍යවරයා මෙහිදි කීය.
     
    මෙම සාකච්ඡාවට අමාත්‍ය මහින්ද අමරවීර, ලේකම් මංගලිකා අධිකාරි, අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ද සහභාගි වුහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya