අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිස් වෙළඳාම වැලැක්වීමට ගෙන ඇති පියවර ගැන ඇමරිකානු රජය දැනුවත් කෙරේ

    ඔක්තෝබර් 20, 2016
    නීති විරෝධී මිනිස් වෙළඳාමට එරෙහිව ශ‍්‍රී ලංකා රජය විසින් උපරිම කි‍්‍රයාමාර්ග ගෙන ඇති අතර, ඒ සඳහා තවදුරටත් කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය. 
     
    අමාත්‍යතුමිය මේ බව සඳහන් කළේ, ඊයේ (19) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ කටයුතු භාර නිලධාරිනී ඇන්ඩි‍්‍රයා ඊ. විල්සන් මහත්මිය හමුවූ අවස්ථාවේදීය. 
     
    ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ කටයුතු භාර නිළධාරිනී ඇන්ඩි‍්‍රයා ඊ. විල්සන් මහත්මිය හා ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු නිළධාරි ජෝන් මැකොඩම්ස් මහතා විසින් ශ‍්‍රී ලංකාවේ මිනිස් වෙළඳාම වැලැක්විමට ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධව විදේශ රැකියා අමාත්‍යවරියගෙන් කරුණු විමසූහ. 
     
    එහිදී අමාත්‍යතුමිය සඳහන් කළේ, මිනිස් වෙළඳාම වලක්වා ගැනීම සඳහා කාර්යාංශයේ නීතිරීති අනුව කටයුතු කර එවැනි මිනිස් වෙළඳාමක් සිදු වූ විට ඊට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මැදිහත් වී කටයුතු කරන බවයි. මේ වන විටත් කාර්යාංශය තුළ මිනිස් වෙළඳාමට එරෙහිව එරෙහිව විශේෂ ඒකකයක් ඇති කර තිබෙන බවත්, එමඟින් නීති විරෝධී මිනිස් වෙළඳාම සම්බන්ධ පැමිණිලි භාර ගන්නා බවත්, ඒ සම්බන්ධව කි‍්‍රයාමාර්ග ගන්නා බවත් සඳහන් කළාය. ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින්ද පරීක්‍ෂණ සිදුකරන බව ප‍්‍රකාශ කළාය.
     
    මීට අමතරව ගුවන්තොටුපොලේ මිනිස් වෙළඳාම වලක්වා ගැනීම සඳහා කාර්යාංශයේ සේවක ප‍්‍රමාණය තුන් ගුණයකින් වැඩිකර තිබෙන බවත්, විශේෂ විමර්ශන ඒකකය හරහා හදිසි වැටලීම් සිදුකරන බවත් සඳහන් කළාය. නීති විරෝධී මිනිස් වෙළඳාම වලක්වා ගැනීම සඳහා සියලු ම රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කරන බවද, ඒ සඳහා පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය හා සිවිල් සංවිධාන හරහා කටයුතු කරන බවද ප‍්‍රකාශ කළාය.
     
    විශේෂයෙන්ම මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් දැනුවත් කිරීම් සිදුකර තිබෙන බවත්, ඒ සඳහා ජනතාවගේ ප‍්‍රතිචාර හොඳ මට්ටමක පවතින බවත් සඳහන් කළ අමාත්‍යතුමිය මීට අමතරව පුහුණු ශ‍්‍රමිකයින් විදෙස් ගත කිරීමට වැඩසටහන් ආරම්භ කර ඇති අතර, විදෙස් ගත පවුල්වල තොරතුරු සොයා බැලීමට කටයුතු කරන බවත් ප‍්‍රකාශ කළාය. 
     
    මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ උපදේශිකා පත්මිණි රත්නායක මහත්මිය ද එක්ව සිටියාය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya