මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරුමැද පළාතේ ගුරුවරුන් 1000 කට නේවාසික පුහුණු වැඩමුළුවක්

    ඔක්තෝබර් 21, 2016
    උතුරුමැද පළාතේ දහසක් මල් වැඩසටහන ඔස්සේ ගුරුවරුන් 1000 ක් සදහා පත්වීම් ප්‍රදානය පසුගිය දා සිදු කෙරිණි. 
    උතුරු මැද පළාතේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සදහා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතාගේ විශේෂ අවධානය යොමු වී ඇති අතර මෙසේ පත්වීම ලැබූ උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් සදහා ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් මත දින 04 ක නේවාසික පුහුණු වැඩමුළුවක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූහ. 
     
    මෙම පුහුණු වැඩමුළුවේ සමාරම්භක උළෙල මින්නේරිය යුධ හමුදා පුහුණු පාසලේ දී පේශල ජයරත්න බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙම වැඩමුළුව කණ්ඩායම් දෙකකට පුහුණු කටයුතු සිදු කරනු ලැබේ.
     
    මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු අධ්‍යාපන නිළධාරින්ද, මින්නේරිය යුධ හමුදා කදවුරේ අණදෙන නිළධාරී බ්‍රිගේඩියර් සුනිල් අතපත්තු, කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් ප්‍රසන්න තුෂාර යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    AP/DMU- Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya