අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෝෂණය හා ප්‍රජා සවිබල ගැන්වීම පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ

    ඔක්තෝබර් 20, 2016
    ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂිත වැඩසටහනක් වශයෙන් ක්‍රියාවට නංවන, පෝෂණය හා ප්‍රජා සවිබල ගැන්වීම පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා වැලිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    මෙහි දී පෝෂණය හා ප්‍රජා සවිබල ගැන්වීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම දිස්ත්‍රික් මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිර්මාල් අබේගුණරත්න මහතා විසින් සිදි කරන ලද අතර පෝෂණයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම වෛද්‍ය රෝහිත ඇලපාත මහතා විසින් සිදු කරන ලදි.
     
    මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් සහකාර ප්‍රාදේශිය  ලේකම්වරු, සහකාර සැලසුම් අධ්‍යක්ෂවරු, සංවර්ධන සම්බන්ධීකාරක නිලධාරීන්, මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් සහ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩසටහන සංවිධානය කරන ලදි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya